Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2020 15:38:24 Hours

එක්සත් රාජධානියේ පදිංචි හිටපු හමුදා සාමාජිකයින් COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමට එරෙහිව සටන් කිරීම සඳහා වන ජාතික ප්‍රයත්නයනයට දායකවේ

ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ ජාතික ප්‍රයත්නය සැලකිල්ලට ගනිමින්, එක්සත් රාජධානියේ පදිංචි ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ (සන්නද්ධ හමුදා) සංගමය පසුගියදා ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘COVID 19 සෞඛ්‍ය ආරක්‍ෂණ හා සමාජ ආරක්‍ෂණ අරමුදල’ වෙත පවුම් 1120 (රුපියල් 258,240.25) ක සැලකිය යුතු මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.

එම සංගමයේ සාමාජිකයින් වෙනුවෙන් සංගමයේ සභාපති ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) කපිල ද අල්විස් සහ උප සභාපති (විශ්‍රාමික) මේජර් සෙල්වනායගම් සත්නන්දන් මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට යැවීම සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය වෙත ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ස්වර්ණ බෝතොට ද සහභාගී විය. Nike air jordan Sneakers | 『アディダス』に分類された記事一覧