Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2020 08:03:56 Hours

යුද්ධ හමුදා කඳවුරුවල සෞඛ්‍යාරක‍්ෂාව පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වෙයි

දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ඇතුළු තවත් කිහිපදෙනෙකු ඉකුත් 12 සහ 13 යන දෙදින තුළ වවුනියාව, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය යන ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හී සංචාරයක නිරත වූහ.

මෙම සංචාරය ආරම්භ කරමින් ඉකුත් බදාදා (12) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ සංචාරයක නිරත වූ හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා සහ සිවිල් ආරක්‍ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් ඇතුළු සාමාජිකයින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි සමග වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදි සාකච්ඡාවක් පැවැත්විය. එම සාකච්ඡාවේදී එම බලප්‍රදේශයන් තුළ සෞඛ්‍ය ආරක්‍ෂක තත්ත්වය හා කොරෝනා වෛරසය පැතිරීමට එරෙහිව මූලස්ථාන පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වන වැළැක්වීමේ පියවර සහ නිරෝධායන ක්‍රියාකාරකම් පිළිබද පුළුල් ලෙස කරුණු පැහැදිලි කළේය. අනතුරුව එම පිරිස 56 වන සේනාංකය, 62 වන සේනාංකය, 16 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ඒකකය සහ 2 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු ඒකකයේ වීරෝධාර රණවිරුවන්ගේ නේවාසික පහසුකම් පිළිබද නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සෞඛ්‍ය ආරක්‍ෂකතාවය වැඩිදියුණු කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

ආරක්‍ෂක ලේකම්තුමාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මග පෙන්වීම යටතේ ඵලදාය යාන්ත්‍රණයක් තුළින් අධීක්‍ෂණය කිරීම සහ පැතිරෙන වසංගතය සැලකිල්ලට ගනිමින් හමුදා කඳවුරුවල සෞඛ්‍ය ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම ජනාධිපති කාර්ය සාධක බලකායේ වගකීම වනු ඇත. විශ්‍රාමික ආරක්‍ෂක ප්‍රධානීන් සහ වෛද්‍ය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම යාන්ත්‍රණය සංවිධානය කළයුතු බැව් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් යෝජනා කරන ලදී. Sportswear Design | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes