Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2020 21:59:26 Hours

පානළුව යුද්ධ හමුදා කඳවුරට අයත් පුරන් වූ කුඹූරු අස්වද්දයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්‘ රුක් රෝපණ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් ඉකුත් අඟහරුවාදා (12) දින පානළුව යුද්ධ හමුදා කඳවුරට සහ ගොවිපොලට අයත් පුරන් වූ කුඹූරු අක්කර 4 ක් අස්වද්දනු ලැබීය.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද අතර සාම්ප්‍රදායික කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුකූලව සුබ මොහොතේ වී බීජ වැපිරීමේ ක්‍රියාවලිය ‘කමත‘ අසල සිදුකළ ආගමික වතාවත් ​සමගින් ආරම්භ විය.

මෙම සීසෑමේ උත්සවය සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එම්.ටී.බී. හැන්ගිලිපොල, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, 412 වන බලසේනාවේ බලසේනාධිපති, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම මෙම ව්‍යාපෘතියට උරදී කටයුතු කරන පානළුව යුද්ධ හමුදා ගෙවිපලේ සාමාජිකයින් ද සහභාගී වූහ. Running Sneakers Store | Nike Air Force 1 , Sneakers , Ietp STORE