Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 18:06:48 Hours

ඉංජිනේරු සේවා බළකා සාමාජිකයින් දින හයකට අඩු කාලයකදී මහනුවර රෝහලේ වාට්ටුවක් දැඩි සත්කාර ඒකකයක් ලෙස වැඩිදියුණු කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කීර්ති රත්නායක මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් 17 වන ඉංජිනේරු සේනා බළකායේ සාමාජිකයින් විසින් කොවිඩ් - 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දින 6 ක් ඇතුලත අංක 36 වාට්ටුව අංගසම්පූර්ණ නව දැඩි සත්කාර ඒකකයක් බවට වැඩිදියුණ කර ඉකුත් ඉරිදා (10) දින රෝහල් අධ්‍යක්ෂ වෙත භාර දෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබා දුන් මාර්ගෝපදේශ වලට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සහ ඉංජිනේරු සේවා බළකායේ අධ්‍යක්‍ෂකගේ මූලිකත්වයෙන් රෝහලේ මෙම හදිසි ජාතික අවශ්‍යතාවය සතියකට අඩු කාලයකදී සපුරාලනු ලැබීය. url clone | nike air max 95 obsidian university blue book list