Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 18:48:18 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පිරිසක් සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 94 ක්, මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 129 ක්, ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඉරනමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 175 ක් සහ නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 10 ක් ඇතුළු පුද්ගලයින් 408 දෙනෙකු සති තුනකට අධික කාලයක් සිය නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඊයේ (10) දින සන්ද්‍යාවේ සහ අද (11) දින උදෑසන වෛද්‍ය පරීක්‍ෂණයන්, සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන සහතික ලබාගැනීමෙන් පසු සිය නිවෙස් කරා පිටත් වූහ.

නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන මෙම පිරිසෙහි ගමනාන්ත වන මාතර සහ කොළඹ කරා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙන්ම ඔවුන්ට අවශ්‍ය ආහාරද යුද්ධ හමුදාව වෙතින් ලබාදුන් අතර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් පැමිණ සිටියහ. Sport media | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD