Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 08:16:38 Hours

ශ්‍රි පාද වන්දනා සමයේ සාමාප්තිය සනිටුහන් කරමින් සධාතුක කරඩු වහන්සේ වැඩමවීමේ පුණ්‍ය කටයුත්ත ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයන් සිදු කරයි

ශ්‍රි පාද වන්දනා සමයේ සාමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඉකුත් සිකුරාදා (8) දින ශ්‍රී පාද උඩමළුවේ සිට සධාතුක කරඩු වහන්සේ, සමන්දේව ප්‍රථිමාව හා ආභරණ නල්ල තන්නිය වෙත වැඩමකරනු ලැබීහ.

මෙම උතුම් වූ පුන්‍ය කටයුත්තට දායක වෙමින්, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්තී කොස්තා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර, 112 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් කරඩුව රැගත් පෙරහැරේ ගමන් කළේය. bridge media | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth