Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2020 17:26:44 Hours

වෛරසය පාලනය කිරිම සඳහා තවදුරටත් සමාජ දුරස්ථභාවය තබාගෙන තම දෛනික කටයුතුවල නිරතවෙන ලෙස කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.

ඊයේ (09) දිනයේ වාර්ථා වූ කොවිඩ් -19 ආසාධිතයින් ප්‍රමාණය 12 ක් වන අතර එයින් 10 දෙනෙකු නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් වේ. එසේම, අනෙක් දෙදෙනා එම රණවිරුවන් සමීපව ඇසුරු කරනු ලැබූ නිරෝධායනය වෙමින් සිටි අයවළුන් වේ. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආසාධිතයින් 578 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටිනු ඇත. විශේෂයෙන් 259 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙල්බර්න් (Melbourne) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පුද්ගලයින් 274 ක කණ්ඩායමක් අද (10) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලදී. එසේම, අද (10) දින සන්ද්‍යාවේ ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් තුළම හෙට (11) දිනයේ රාජ්‍ය සහ පුද්ගලික ආයතනයන් යම් සීමාවන් යටතේ විවෘත කිරීමට නියමිතව ඇත. ජනාධිපති කාර්යාලය විසින් ඇඳිරි නීතිය තවදුරටත් පවත්නා ප්‍රදේශ පිළිබඳව අද (10) දින සන්ද්‍යාවේ දැනුම් දීමට නියමිතව ඇත. මීට ප්‍රථම සති වලදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් වෙත 3න් 1ක් වූ අවම පුද්ගලයින් සංඛ්‍යාවක් මඟින් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදය සැලසුම් කරගැනීම සඳහා වූ උපදෙස් ලබාදී ඇත. ඒ අනුව, ආයතන ප්‍රධානීන් ලබාදී ඇති උපදෙස් වලට අනුකූලව හෙට (11) දිනයේ සිට ක්‍රියාකරනු ඇතැයි අපේක්‍ෂා කරනු ඇත. එසේම, සේවකයින් ක්‍රියාකරන ආකාරය, ශාරීරික දුරස්ථභාවය තබාගැනීම, ගමනාගමනය හා සියළුම සෞඛ්‍ය උපදෙස් සබැඳිව දැනුවත් කිරීම් සිදුකර ඇත. මීට ඉහතදී හඳුන්වා දුන් ඇඳිර නීතිය බලපවත්නා ප්‍රදේශයන් තුළ හැඳුනුම්පත උපයෝගී කරගනිමින් ගමන් කළහැකි ක්‍රමවේදයට අනුව අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජනතාව නගර වෙත පැමිණෙතැයි අපේක්‍ෂා කරනු ලබයි. එසේම, මීට ඉහතදී ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබූ දිස්ත්‍රික්ක ඒ අයුරින්ම පවත්වාගෙන යනු ලබයි.

මේ අනුව, හුදෙක්ම ප්‍රවාහන පහසුකම් සපයා ඇත්තේ රැකී රක්‍ෂා සඳහා පැමිණෙන අයවළුන් සඳහා පමණක් වන අතර පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා මෙම ප්‍රවාහන පහසුකම් ලබා නොගන්නා ලෙස ජනතාවට දන්වා සිටිනු ලැබේ.

ශ්‍රී ලාංකීය ජනතාව පසුගිය සති කිහිපය තුළ කොවිඩ් - 19 තුරන් කිරීම සඳහා විශාල කැපකිරීම් ප්‍රමාණයක් සිදු කරන ලදී. එසේම, හෙටින් ආරම්භ කරනු ලබන සතියේ ජනතාවගේ අරමුණ හා වගකීම විය යුත්තේ කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමත් ත්‍රිවිධ හමුදාවට, ශ්‍රී ලංකා පොලීසියට හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ඔහුන්ගේ රාජකාරි කරගෙන යාම සඳහා සහයෝගය ලබාදෙන ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් සඳහන් කර සිටියේය. latest Nike release | Sneakers