Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2020 11:56:17 Hours

විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වන පවුලකට වන්නි භටපිරිස් නව නිවසක් ඉදිකර දෙති

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් පවුල් වෙනුවෙන් හිසට සෙවනක් ලබාදීමේ අරමුණින් යුතුව දියත් කරමින් සිටින නිවාස ව්‍යාපෘතියේ තවත් එක් අදියරයක් ලෙස එප්පාවල ඉහළ හල්මිල්ලෑව ගම්මානයේ ජීවත්වන පවුලක් වෙනුවෙන් ඉදි කළ නව නිවහන ඉකුත් බදාදා (6) දින පැවති උත්සවයකදී නිවාස හිමියා වෙත භාරදෙනු ලැබීනි.

දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් නව නිවහනේ යතුර ප්‍රතිලාභියා වන ඩබ්ලිව්.ඒ. උපුල් වනසූරියආරච්චි මහතා වෙත භාර දුන්නේය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන්, නිවහන හිමි ප්‍රතිලාභියාගේ ඥාතීන් සහ ගම්වැසියන් පිරිසක් ද සහභාගී වී සිටියහ. මෙම නිවහන ඉදිරිකිරිමේ කටයුතු වන්නි නිවාස ඉදිකිරිමේ සම්බන්ධිකාර වන 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ සම්බන්ධීකරණයෙන් 7 වන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සිදු කරනු ලැබීය.

මෙම නව නිවසේ ඉදිකිරිම් කටයුතු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ප්‍රීති ගජනායක මහතාගේ මූල්‍ය ආධාර ඇතිව සියලු පහසුකම් වලින් සමන්විතව ඉදිකරනු ලැබුණු අතර, මෙම නිවාස ව්‍යාපෘතිය එම පවුලේ මානුෂීය තත්වය සැලකිල්ලට ගනිමින් 7 වන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් කෙටි කලක් තුළදී ඉදි කරනු ලැබුණි. එමෙන්ම මෙම නව නිවසට කෑම කාමරයක්, නිදන කාමර, නාන කාමරය, මුළුතැන්ගෙයකින් සමන්විත වන අතර, නිවසට අවශ්‍ය ගෘහ උපකරණ, විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ ද අනුග්‍රාහකයා විසින් ප්‍රධානය කෙරිණි.

මෙම නව නිවසේ යතුර ආගමික වතාවත් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිවැසියන් වෙත ලබාදීම සිදු කරන ලදී. latest Running Sneakers | Nike SB