Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2020 08:45:38 Hours

වෙසක් දිනයේදී විවිධ අවශ්‍යතා ඇති පවුල් 750 කට වැඩි ප්‍රමාණයකට සහන පාර්සල් ප්‍රධාන කෙරේ

වෙසක් පොහෝය දිනය නිමිති කරගෙන පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සහයෝගය ඇතිව යාපනයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් (07) දින යාපනය ප්‍රදේශයේ පිහිටි තොන්ඩමන්නාරු, කේරුඩාවිල්, වැල්වැටිතුරේ, අවරංගල්, නවාලියැටල්, කෙට්ප්ලි, මිරුසුවිල්, පවසික්කුලම්, කයිතඩි, චවකච්චේරි, කඩෙයිකාඩු, මල්ලකම්, වෙතිලකර්නි, කෙවිල්, වල්ලෙයි, ඉනුවිල්, වඩුක්කෝඩයි, නුවන්තුරෙයි, සවාල්කට්ටු, උඩුවිල් සහ කයිට්ස් යන ගම්මානවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 750 කට වැඩි ප්‍රමාණයකට වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ උපදෙස් මත යාපනයේ යුද්ධ හමුදා සාමාජිකයන් මේ වසරේ වෙසක් සැරසිලි වෙනුවෙන් වියදම් කිරිමට තිබු මුදලින් ඉහත සඳහන් ප්‍රදේශ වෙත මෙම ව්‍යපෘතිය සිදු කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සමාජ දුරස්ථ භාවය සහ සෞඛ්‍ය ආරක්‍ෂණ පියවරයන් පවත්වාගනිමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51, 52 සහ 55 යන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සමාජිකයන් සහභාගී විය. jordan Sneakers | Nike Shoes