Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2020 19:43:55 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන යාවත්කාලීන කරයි

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 101ක්, කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 36ක්, කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් 31ක්, නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 98ක් සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 20දෙනෙක් වශයෙන් පුද්ගලයින් 286 දෙනෙකු නිරෝධායන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව PCR පරික්‍ෂණයට භාජනය කර නිරෝධායන සහතික ලබා ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කර යැවූ බව අද (08) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

අද (08) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් වල නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 5728 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත. මේ වන විට, ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයන් 4931 ක් නිරෝධායන කටයුතු වල නිරතව සිටියි.

අද (8) දිනය වන විට නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් 390 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඉන් වැඩි පිරිසකට කඳවුර තුලදී මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. (කඳවුර තුළ දී ආසාදිත වූ රණවිරුවන් සංඛ්‍යාව 308 ක් වන අතර ඉන් පිටත දී රණවිරුවන් 82දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත), මාධ්‍ය නිවේදනය අවසන්.

සාරාංශය:

මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 5728

තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 4931

ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 39 best shoes | Air Jordan Release Dates 2020