Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2020 00:25:23 Hours

මාරාන්තික වෛරසය මෙලොවින් තුරන් කිරීම සඳහා අනුරාධපුර පුද බිමේදී අධිෂ්ඨාන පූජා මාලාවක් පැවැත් විණි

ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහි කරන වෙසක් පොහොය දිනයේ ලෝවැසියන්ට පැමිණ ඇති වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා අධිෂ්ඨාන පූජාවක් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය විසින් ඉකුත් (07) වන දින පුරාණ අනුරාධපුර රාජධානියේ පූජනීය ස්ථාන අටෙන් රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ, මිරිසවැටිය රජමහා විහරස්ථානය සහ අභයගිරිය රජමහා විහරස්ථානය යන උතුම් ස්ථාන වෙත සපැමිණ විශේෂ පුද පූජා මාලාවක් සිදු කරමින් COVID-19 වසංගතය මෙලොවින් තුරන් කිරීම සඳහා ආශිර්වාද ලබාගත්හ.

මෙම, සමස්ත වැඩසටහන් මාලාව, අටමස්ථාන විහාරස්ථානයේ විහාරාධිපති පල්ලේගම ශ්‍රි ඥානරතනභිදාන නායක හිමිපාණන්, රුවන්වැලි මහා සෑ විහරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන්, මිරිසවැටිය රජමහ විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමිපාණන් ඇතුළු නායක හිමිවරුවන් විසින් පැවැත්වූ අතර, එහිදි අතිගරු ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ඇතුළු ශ්‍රී ලංකිකයන් මෙන්ම සියළු ලෝකවාසි ජනතාවට ආශිර්වාද කරමින් ලොව සියළු ජන කොටස් වෙත පැමිණ ඇති කොවිඩ්-19 වෛරසය තුරන් කිරිම සඳහා ආශිර්වාද පූජාවන් සිදු කරමින් වෛරසය ආසාදන වී ඇති පුද්ගලයන්ට ඉක්මන් සුවය ලැබීමටත්, වෛරසය ආසාදනය වී මියගිය සියළුම ජනතාවට පිං පැමිණවීමටත්, සෑම සියළු අඩපනව ඇති අංශයක්ම යථා තත්ත්වයට පත්කිරිම සඳහාත්, ‘සෙත් පිරිත්’ සජ්ඣායනා පවත්වමින් ලෝක වාසී සියළුම ජන කොටස්වලට ආශිර්වාද එක් කළෝය.

මෙම පෞරාණික වෙහෙර විහාරස්ථාන ලොව්තුරා බුදු පියාණන් වහන්සේ පරිභෝජනය කළ වස්තුන් සහ ශාරීරික ධාතුන් වහන්සේලා මෙන්ම බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් වන්දනා මාන කිරිමට සාදනු ලැබු බුද්ධ ප්‍රතිමාවහන්සේලාගෙන් සමන්විත මහා අනුහස් පිරුණු පූජනීය ස්ථානයන් තුළ කිරි ආහාර පූජාවන්, විවිධ මල් වර්ග100,000 ක පූජාවක්, කප්රුක් පූජාවන්, ගිලන් පස පූජාවන්, අටපිරිකර පූජාවන්, සුවඳ දුම් පූජාවන්, දාන පූජාවන් සහ ශබ්ද පූජාවන්ගෙන් උතුම් ජූජනීය භූමී තුළ බුද්ධ පූජාවන් සිදු කරමින් එදින අපරිමිත කුසල් කර්මයක් සිදු කොට පුන්‍යානුමෝදනා කළහ.

වෙසක් දිනයේ හිමිදිරි උදෑසන, ලුතිනන් ජෙනරාල් සිල්වා රුවන්වැලි මහා සෑ රදුන් වෙත කිරිපිඩු ධානය පූජා කිරිමෙන් පසු රුවන්වැලි මහා සෑ ස්තූපය වර්ණාලේපිත කරනු වස් බැතිමතුන් කිහිප දෙනෙකු සමඟින් එක් වූහ. රුවන් වැලි මහා සෑ රදුන්ගේ ගර්භය තුළ ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ලොව විශාලතම ස්තූපය ද වේ. මෙහිදි සුජීවා නෙල්සන් මහත්මිය ද රුවන්වැලි මහ සෑ රදුන් අභියස සහ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ අභියස ආකර්ෂණීය වර්ණවලින් සෑදු රෝස මල් පොහොට්ටු 10,000 කට අධික ප්‍රමාණයක් පූජා කරමින් උතුම් පිං බිමට වර්ණවත් බවක් එක් කළාය. ජය ශ්‍රී මහා බෝධි මූලය අභියසදී භික්ෂූන් වහන්සේලා විසින් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි සිදු කරනු ලබන සත්කාර්යභාරයන් සියල්ල සඳහා ආශීර්වාද කළහ.

පසුව, ලුතිනන් ජෙනරාල් සිල්වා මිරිස වැටිය පූජා භූමිය වෙත ගොස් ආගමික වත්පිළිවෙත් හා චාරිත්‍ර වාරිත්‍ර වල නිරත වූ අතර, එහිදි මිරිස වැටිය රජමහ වහරස්ථානයේ වත්මන් සංඝ නායක හිමිපාණන් විසින් යුද්ධ හමුදාධිපතිවරයාට ආශිර්වාද එක් කළේය. පසුව එතුමන් ඉදිකරමින් පවතින සඳහිරු සෑ රදුන් වෙත ගොස් ඉදිකරමින් පවතින සෑයට ගඩොල් කැටයක් තබා නමස්කාර කොට අභයගිරි පූජා භූමීය වෙත පා නැගීය.

ලුතිනන් ජෙනරාල් සිල්වා පිංකම් මාලාවේ අවසානය සනිටුහන් කරමින් අටමස්ථානධිපති, රුවන්වැලි මහා සෑ විහාරයේ වත්මන් විහාරාධිපති, මිරිසවැටිය පූජා භූමියේ වත්මන් විහාරාධිපති, අභයගිරිය පූජා භූමියේ වත්මන් විහාරාධිපති ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු සමඟ කතිකා කරමින් වන්දනාමාන කටයුතු සිදුකර අවසානයේ උන්වහන්සේලාට ගෞරව දැක් වූහ. Best Sneakers | Nike Shoes, Sneakers & Accessories