Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2020 21:21:49 Hours

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි මාසික විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් නැවත වරක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සපයති

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා පසුගිය මස ප්‍රවාහන පහසුකම් සැපයූ ආකාරයෙන්ම මැයි මස 5 සහ 6 යන දිනයන්හි ද යුද්ධ හමුදා බස් රථ මඟින් අදාළ බැංකුවලට යෑමට සහ නැවත පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයූහ.

එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට ඉතාමත් ගෞරව භක්ත්‍යාදරයක් එක් කරමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් යෝජනා කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා බස් රථ ලක්‍ෂ පහකට අධික ප්‍රමාණයක් මෙන්ම එක් එක් ප්‍රදේශවල ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු බස්රථ භාවිත කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබිණි. යුද්ධ හමුදා සාමාජිකයින් එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක් එක් ස්ථානයන්හිදි රැසකර අදාළ බැංකු හා තැපැල් කාර්යාල වෙත රැගෙනයනු ලැබිණි.

දිවයින පුරා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් මාසික විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකිව සිටින රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට උපකාර කිරීමේ අරමුණින් මෙම ප්‍රජා සත්කාරය ක්‍රියාත්මක කරනු ලැබීණි.

යාපනය, වන්නි, නැගෙනහිර, කිළිනොච්චි, මුලතිව්, මධ්‍යම සහ බටහිර යන ආරක්‍ෂක සේනා මූලස්ථාන හත තුල සේවයේ නියුතු භටපිරිස් විසින් එම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සක්‍රීයව දියත් කරනු ලැබීය. best Running shoes brand | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf