Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th May 2020 17:39:04 Hours

ආරක්‍ෂක ලේකම් දෙරණ රූපවාහිනි නාලිකාවේ ‘360’ වැඩසටහනට සහභාගී වෙයි

දෙරණ රූපවාහිනි නාලිකාවේ සඳුදා (04) දින සන්ධ්‍යාවේ විකාශය වූ ‘360’ වැඩසටහනට ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහභාගී වූ අතර එතුමන් සමඟ කොවිඩ් - 19 වසංගතය වැළැක්වීම සඳහා ගනු ලබන පුළුල් ක්‍රියාමාර්ග මෙන්ම ඉදිරි සති කිහිපය තුලදී ක්‍රමානුකූලව නැවත රටෙහි වැඩ කටයුතු ආරම්භ කරනුයේ කෙසේද සහ දිවයින යථා තත්ත්වයට පත්වනුයේ කෙසේද යන කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. දැනට පවතින නිරෝධායන ක්‍රියාවලිය, සන්නද්ධ හමුදාවන්ගේ කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වසංගතය තවදුරටත් පැතිරීම පාලනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද එතුමන් මෙහිදී අවධානය යොමු කළේය.

මෙම සාකච්ඡාවේ ස‍ම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ. jordan release date | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C