Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2020 18:05:13 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදනය වන මානසික රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ සාමාජිකයන් ඉඩහසර සකසති

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් කරනු ලබන ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා (CES) සාමාජිකයින් විසින් ජාතික මානසික සෞඛ්‍ය ආයතනයෙහි පිහිටි පැරණි ගොඩනැගිල්ලක් වැඩිදියුණු කර COVID-19 රෝගය ආසාදන වන මානසික රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉකුත් බදාදා (29) දින රෝහල් බලධාරීන් වෙත භාර දෙනු ලැබූහ.

මෙම ගොඩනැගිල්ල මානසික ආබාධිත රෝගීන්ට ගැලපෙන පරිදි ඔවුන්ගේ නිරෝධායන කටයුතුවලට සරිලන ආකාරයට සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කරනු ලැබිණි.

මෙම ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර් ගනේගොඩ, 1 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ජී.ඩබ්.ඒ.එස්.බී මුහම්දිරම්ගේ ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.   jordan release date | Jordan Release Dates , Iicf