Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2020 17:19:51 Hours

නීරෝධායන ක්‍රියාවලිය අවසන් වූ තවත් පුද්ගලයින් 84 දෙනෙකු සිය නිවෙස් බලා නික්මයති

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වන පූනානි බ්‍රැන්ඩික්ස් වෙතින් පුද්ගලයින් 79 දෙනෙකු හා වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් 05 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 84 දෙනෙකු දින 21 ක නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (02) දින තම නිවෙස් වෙත පිටත් කරනු ලැබු බව කොවීඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (02) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4903 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 36 ක් තුළ පුද්ගලයින් 4581 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

සාරාංශය:

නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී පිටව ගොස් ඇති පුද්ගලයින් - 4903

නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් - 4581

ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන ගණන - 36 latest Running | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ