Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2020 20:22:26 Hours

නැවත දැනුම් දෙනතුරු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉන්දියාවේ කොයිම්බතූර් (COIMBATORA) සිට පැමිණි UL-1194 දරණ ශ්‍රී ලන්කන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 113 දෙනෙකු අද (26) දින දිවයිනට පැමිණෙන ලදී. ඔවුන් අතර, නාවික හමුදා සාමාජිකයන්, රාජ්‍ය සේවකයින් සහ සිසුන් පිරිසක් ද ඇතුලත්ව සිටියි. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට සියළු කටයුතු සූදානම් කරන ලදී.

තවද, ඉදිරි දිනයන්වලදී ද විදේශ රටවල උසස් අධ්‍යාපනය හැදැරීමට ගිය කණ්ඩායම් රජය විසින් සැලසුම් කරන පරිදි මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව ඇත.

අද (26) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4507 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, ඊයේ (25) දින ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි හමුදා සාමාජිකයන් සහ සිසුන්, 166 දෙනා යුද්ධ හමුදා සහ නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන ක්‍රියාවලියට යොමුකරන ලදී.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 3053 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

තවද, අද (26) දින මේ දක්වා පුද්ගලයින් 11 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බැව් හදුනාගෙන ඇත. එයින් එක් පුද්ගලයෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලියේ නිරතවූ පුද්ගලයෙක් හා අනෙකුත් පුද්ගලයින් 10 දෙනා වැලිසර නාවික හමුදා කදවුරේ නිවාඩු ගොස් මත සිටි අයවළුන් වේ. මේ අනුව වැලිසර නාවික හමුදා කදවුර තුළ ආසාදිතයට පත් රෝගීන් ගණන 68 දෙනෙකුත්, ඒවගේම වැලිසර නාවික හමුදා කදවුරෙන් පිටත නිවාඩු මත සිටින විට ආසාදනයට ලක්වූ 27 දෙනෙකු ඇතුළුව නාවික හමුදාව තුළින් මේවන විට කොවිඩ්-19 ආසාදිත පුද්ගයින් සංඛන්‍යාව 95 දක්වා ඉහල ගොස් ඇත.

තවද, නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී සිදුකරනු ලැබු නාවික හමුදා නිලධාරීයෙකු මී උණරෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) දින මියගොස් ඇත. මෙම නාවික හමුදා නිලධාරිවරයා මියගොස් ඇත්තේ මී උණ රෝගයෙන් බවට මරණ පරික්‍ෂණයේදී තහවුරු වූ අතර, ඔහුගේ අවසන් කටයුතු අද (26) දින සිදු කරනු ලබයි.

ත්‍රිවිධ හමුදා සියළුම නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ නිවාඩු අද (26) දින සිට නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇත. තවද, නිවාඩු මත සිටින සියළුම නිලධාරීන් සහ සෙසුනිලයින් තම රාජකාරීන් සිදු කරනු ලබන කදවුරු වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇත. මේ අනුව නිවාඩු මත සිටින සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට ඉදිරි දිනයන්වලදී ඔවුන්ට අයත් සේවා ස්ථානවලට පැමිණිමට ත්‍රිවිධ හමුදාව විසින් ප්‍රවාහන පහසුකම් සපයා දීමට කටයුතු කරනු ලබයි.

ඒ වගේම, අද (26) දිනයේත් වැලිසර නාවික හමුදා කදවුර තුළ PCR පරීක්‍ෂණ විශාල සංඛ්‍යාවක් කරනු ලැබු අතර, එහි වාර්ථා අද දින සන්ධ්‍යාවේ ලැබීමට නියමිතව ඇත. එසේම වැලිසර නාවික හමුදා කදවුරෙන් අද සහ ඊයේ දිනයේ නිවාඩු මත සිටි වීරෝධාර රණවිරුවන් කිහිපදෙනෙකු, විශේෂයෙන් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් සොයාගැනීමත් සමගම, එම ප්‍රදේශවල ජනතාව යම් කුතුහලයකට ලක්වී ඇති බැව් ලැබුණු දුරකථන පණිවිඩ මගින් ද තහවුරු විය.

එසේම, මේ වන තෙක් සිදු කරන ලද ක්‍රමවේදය ලෙස යම් රෝගියෙකු හමුවූ විට ඔහු සමීපව ඇසුරු කරනු ලැබු සියළුම පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරිම හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර නිරෝධායනය කිරිම සිදු කරන ලදී. ඒ වගේම වීරෝධාර නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සියළුම අයවළුන් නිරෝධායනය කිරිම සඳහා නිරෝධායන කදවුරු වෙත ඇතුලත් කරන ලදී. එසේම ඔවුන් සමීපව ඇසුරු කළ අනෙකුත් සියළුම පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමටත් ඔවුන් ගැන සොයා බැලීමටත් සියළු කටයුතු සිදු කර තිබෙනු ඇති බව.” ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝ පටය පහතින් දැක්වේ: best shoes | Air Jordan Release Dates 2021 Updated , Gov