Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2020 12:59:41 Hours

කොළඹට ඇතුළු වන අයවළුන්ගේ අහඹු ලෙස උෂ්ණත්වය පරීක්ෂා කරන්නට යුද්ධ හමුදා ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය යොදවයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (23) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.

“අද (23) දින ඉන්දියාවේ සිට UL-1146 දරණ මගී ගුවන් යානයෙන් අධ්‍යාපනය හැදැරීමට ගොස් සිටි සිසුන් 101 දෙනෙකු මෙරටට පැමිණි අතර, ඔවුන් සියලු දෙනා යුද්ධ හමුදාව වෙතින් පාලනය කරනු ලබන පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලදී. එසේම, ඉදිරි දිනයන්වලදී ශ්‍රී ලංකා රාජය විසින් මෙවැනි පුද්ගල කණ්ඩායම් විදෙස් රටවල සිට මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති අතර, එහිදි ප්‍රථමයෙන් දකුණු ආසියානු (SAARC) කාලාපයට ප්‍රමුඛත්වයක් ලබාදෙනු ඇත. යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානී නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකළ පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (23) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 26 ක් තුළ 2744 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින අතර, ඒ අනුව අද (23) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 4366 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බවද.” කොවිඩ් පැතීරිම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ දිනයේදී PCR පරික්‍ෂණවලින් පසු කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් 20 දෙනෙකු හදුනාගනු ලැබුවා. ඉන් 13 දෙනෙකු බේරුවල ප්‍රදේශයෙන් සොයාගන්නා ලදී. එසේම තවත් 5 දෙනෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් හදුනාගන්නා ලදී. ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත සුදු වැල්ලෙන් රැගෙන ගිය තවත් එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී බව තවුරු වූ අතර, අවසන් වශයෙන් වැලිසර නාවික හමුදා කඳවුරට අයත් නිවාඩු මත සිටි නාවික හමුදා සෙබලකුට කොවිඩ් 19 අසාධනය වී අතැයි තහවුරු වීය. වැලිසර නාවික හමුදා කඳවුරට අයත් නිවාඩු මත සිටි නාවික හමුදා සෙබලෙකුට කොවිඩ් 19 අසාධනය වී අතැයි තහවුරු වීමෙන් පසු ඔහු සමීපව ඇසුරු කළ ඥාතීන් සහ හිත මිතුරන් අයත් පොලොන්නරුව ප්‍රදේශයේ ලංකාපුර ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 12 ක් මේ වන විට හුදකළා කර නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇත. එසේම, දැනට එම සෙබලා සේවය කළ නාවික හමුදා කඳවුර නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති අතර, අද (23) දින එම කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වූ සෙබලා සමීපව ඇසුරු කළ සෙබළුන් PCR පරීක්‍ෂණයට භාජනය කර ඇත. ඊයේ (22) දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මගින් ඔවුන්ගේ යතුරුපැදි 20 ක් පමණ යොදාගනිමින් කොළඹ නගරය අවට අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය හදිසි පරික්‍ෂාවකට ලක් කරන අතර, එහිදි ඔවුන් යම් නිරීක්‍ෂණයකට ලක්වුහොත් ඉදිරිපියවරයන් සඳහා සෞඛ්‍ය අංශ වෙත යොමු කරනු ලබන බවද” ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවූ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ දහවල් කාලය තුළ ඇදිරි නීතිය ඉවත් කරන ලද ප්‍රදේශවල සහ ඇදිරි නීතීය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සහ සුවිශේෂි කරුණක් හැර දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කිරිම තහනම් වන අතර, ඒ සඳහා පොලිස් මාර්ග බාදක 944 ක් පමණ හා දිස්ත්‍රික් මායිම් සඳහා මාර්ග බාදක 262 ක් යොදවා ඇත. එසේම සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් පොලීස්පති වරයා වෙත පවරා ඇති බලතල මත ඇදිරි නීතිය නොමැති අවස්ථාවන් වලදී නිරෝධායන රීතිවලට අනුව සෞඛ්‍ය උපදෙස් කඩකරනු ලබන අයවළුන්ට එරෙහිව පොලිස් නිලධාරීන් විසින් නිතීමය කටයුතු සිදු කරනු ලබයි. ඇදිරි නීතිය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා පුද්ගලයින් 36115 ක් ද, වාහන 10000 ක් ද, අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කරනු ලබන බවයි.

ඉහත මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝ පටය පහතින් දැක්වේ. url clone | adidas Campus 80s South Park Towelie - GZ9177