Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2020 17:11:32 Hours

දේශීය ආරක්‍ෂිත හිස්වැසුම් නිෂ්පාදකයෙකු හිස්වැසුම් තොගයක් කොවිඩ්-19 වෛරසය පාලනයට ලබාදෙයි

ශ්‍රී ලංකාවේ දැවැන්ත ආරක්‍ෂිත හිස්වැසුම් නිෂ්පාදන ආයතනයක් වන H.H.CO ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම අද (24) දින පෙරවරුවේ කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීම සඳහා කටයුතු කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ භාවිතය සඳහා ආරක්‍ෂිත හිස් වැසුම් 400 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී.

එම පරිත්‍යාගය සිදු කළ එකී සමාගමේ නියෝජිතයින් දෙදෙනෙකු, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති මෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීමෙන් අනතුරුව මෙම පරිත්‍යාගය භාරදෙන ලදී.

ඉදිරිපස ආරක්‍ෂිත වැස්මක් සහිතව නිෂ්පාදනය කරන ලද මෙවැනිම ආකාරයේ ආරක්ෂිත හිස්වැසුම් තොගයක් මීට පෙර අවස්ථාවකදීත් සෞඛ්‍ය නිලධාරීන්ට පරිත්‍යාග කළ බව එම පරිත්‍යාගශීලින් පැවසීය. මෙසේ පරිත්‍යාග කරන ලද හිස්වැසුම් විෂබීජනාශකයක් යොදා පිරිසිදු කර නැවත භාවිතා කිරිමේ හැකියාවකින් ද යුක්තය.

මෙම හිස්වැසුම් තොගය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට H.H.CO ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමේ චින්තක සංජීව ගනේගොඩ සහ H.H.CO ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමේ අලෙවිකරණ කළමනාකරු එම්.කේ.එම්. සාරංග වෙලගෙදර යන මහත්වරුන් ද සහභාගී වූහ. affiliate link trace | Air Jordan Sneakers