Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2020 22:56:06 Hours

තවත් නාවික හමුදා සෙබළුන් 30 නෙනෙකුට කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (24) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

“යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකළ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (24) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. අද (24) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4376 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 29 ක් තුළ පුද්ගලයින් 2869 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව.” ලුතිනන් ජෙනරාල් සිල්වා පවසයි.

නේපාලයේ කත්මණ්ඩු සිට UL-1425 දරණ ශ්‍රී ලංකාවට අයත් මගී ගුවන් යානය මගින් නේපාලයේ අධ්‍යපනය හැදෑරීමට ගිය හමුදා සාමාජිකයෙකු සමඟ සිසුන් 76 දෙනෙකු අද දින (24) දිවයිනට රැගෙන එන ලදී. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට සියළු කටයුතු සූදානම්කර ඇත.

පසුගියදා, වැලිසර නාවික හමුදා කඳවුරට අයත් නිවාඩු මත සිටි නාවික හමුදා සෙබලකුට කොවිඩ්-19 අසාධනය වී අතැයි තහවුරු වීමෙන් පසු නාවික හමුදා කදවුර හුදකළා කර නිරෝධායන ක්‍රියාවලියට යොමුකරනු ලැබූ අතර, ඔහු සමීපව රාජකාරී කරනු ලැබූ සෙබළුන් PCR පරික්‍ෂණයට භාජනය කිරිමෙන් පසු ඊයේ (23) දිනයේ සෙබළුන් 30 දෙනෙකු කොවිඩ් - 19 ආසාධිත බවට තහවුරු විය. එසේම, තවත් PCR පරික්‍ෂණ විශාල ප්‍රමාණයක් අද දිනයේ සිදු කළ අතර, හෙට දිනයේත් සිදුකිරිමට නියමිතව ඇත. ඒ අනුව වැලිසර නාවික හමුදා කදවුරේදී අද දිනයේ සහ ඊයේ දිනයේ සිදු කරනු ලැබු PCR පරීක්‍ෂණ මගින් පුද්ගලයින් 60 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව් තහවුරු වී ඇත.

එසේම තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් එක්ව සුදුවැල්ල ගම්මානයේ රාජකාරී කළ හුදකලා කර ඇති නාවික හමුදා කදවුරෙහි සේවයේ යෙදිසිටින සියළුම පුද්ගලයින් PCR පරික්‍ෂණයට යොමු කරනු ලබයි. මීට අමතරව නාවික හමුදා කදවුරේ ප්‍රථම ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ අනෙකුත් අයවළුන් නිවාඩු මත සිටියේ නම් මේවන විට ඒ සියළුම පුද්ගලයින් වැලිසර නාවික හමුදා කදවුරට ගෙන්වා ගැනීමට කටයුතු සිදු කර ඇත. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල අයවළුන් සියළුම දෙනා නිරෝධායනය කිරිම සඳහා නාවික හමුදාපතිතුමා විසින් වෙනමම නිරෝධායන මධ්‍යස්ථානයක් සකස්කර ඔවුන්ව එම නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත.

“මේවන විට එම සෙබළුන් පදිංචි වී ඇති ප්‍රදේශයන්හී ජනතාව යම් කැළබීමකට ලක්වී ඇති බැව් තොරතුරු වාර්ථා වී ඇත. ඒ අනුව කදවුරේ සේවය කළ නිවාඩු මත සිටිය සියළුම පුද්ගලයින් මේවන විට කදවුර වෙතට ගෙන්වා ඇති අතර ඒ පිළිබඳව ජනතාව තුළ කිසියම් හෝ අනිසි බියක් ඇති කර නොගත යුතු බැව්” ලුතිනන් ජෙනරාල් සිල්වා පවසයි. best shoes | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf