Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2020 18:05:03 Hours

දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී එක්වෙයි

දෙරණ රූපවාහිනි නාලිකාවේ බදාදා (22) දින සන්ධ්‍යායේ විකාශය වූ ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්වූ අතර එහිදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ්-19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වෛරසය සම්ප්‍රේෂණය වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳව විස්තර කළ අතර මෙම මාරාන්තික වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීම සඳහා අනාගත කළමනාකරණය පිළිබඳව ද අවධානය යොමු කරමින් පැහැදිලි කළහ.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ආචාරය ප්‍රියත් බන්දු වික්‍රම, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනරත්න යන මහත්වරුන් සහභාගී වූහ.

මෙම සම්මුඛ සාකච්ඡාවේ ස‍ම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ. short url link | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos