Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2020 18:15:20 Hours

යුද්ධ හමුදා ධාවකයින් 20 දෙනෙකුගෙන් යුත් ක්ෂණික විහිදුම් බලකාය (QRT) කොළඹදී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ආරම්භ කරයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාදිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් කරන ලද යෝජනාවකට අනුව යුද්ධ හමුදා ධාවකයින් 20 දෙනෙකුගෙන් යුත් ක්ෂණික විහිදුම් බලකාය (QRT) වඩාත් අවදානම් සහිත කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට රජය විසින් ගනු ලබන අඛණ්ඩ වැඩපිළිවල තවදුරටත් ශක්තිමත් කරමින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කොළඹට පැමිණි පුද්ගලයින්ගේ උෂ්ණත්ව පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී.

අසාමාන්‍ය උෂ්ණත්වයක් ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ ආසාදන තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එය ක්ෂණිකව හඳුනාගත හැකි යාන්ත්‍රණයක් සකස් කර ඇති අතර එමඟින් අවශ්‍ය පුද්ගලයින් වහාම අදාළ රෝහල් වෙත යොමු කළ හැකිය.

මේ වනවිට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය පහසුකම් සපයා ඇති අතර, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කොළඹට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා, අහඹු ලෙස උෂ්ණත්ව පරික්‍ෂාවන් සිදුකරනු ලබයි. ඔබ වෙත ළඟා වන ක්ෂණික විහිදුම් බලකායේ සාමාජිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස යුද්ධ හමුදාව ඉල්ලා සිටීයි. Running sports | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite