Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2020 19:03:28 Hours

නිරෝධායන ක්‍රියාවලිය සඳහා පුද්ගලයන් වැඩි පිරිසක් යොමු කිරිමට සිදු වන බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (22) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ. එහිදි කොවිඩ් 19 වෛරසය පැතැරිම වැළැක්විීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ප්‍රකාශ කළ අදහස් වල සාරංශය පහත දැක්වේ.

පකිස්තානයේ මේවන විට රැදි සිටින අයවළුන්ගෙන් 106 දෙනෙකු රැගත් UL - 1206 දරණ ගුවන් යානය ලාහෝර් ගුවන්තොටුපලේ සිට ඊයේ (21) දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. ඉන් 82 දෙදෙනෙකු විවිධ පාඨමාලා සඳහා පකිස්තානය වෙත ගොස් සිටි යුද්ධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සාමාජිකයන් වන අතර, ඔවුන් 106 දෙනා ඊයේ සවස් භාගයේදීම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුධ හමුදා අයවළුන් යුධ හමුදාව යටතේත්, නාවික හමුදා අයවළුන් නාවික හමුදාව යටතේත්, අනිකුත් ශිෂ්‍යාවන් යුධ හමුදාව යටතේත් නිරෝධායනය ලක්කරලා තිබෙනවා.

ඊයේ දිනයේ නිරෝධායන සඳහා රැගෙන ගිය අයවළුන් යාපනය, කිළිනොච්චිය, පලාලි සහ ඉරණමඩු ප්‍රදේශයන් හි ඔවුන් තවදුරටත් නිරෝධායනට ලක්කිරිම වෙනුවෙන් යොමුකරනු ලැබූවා.

ඊට අමතරව 4348 දෙනෙකු නිරෝධායන කටයුතු නිමවී තම නිවෙස් බලා ගොස් තිබෙනවා. මේ අනුව යුධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 26 ක් යටතේ තවදුරටත් 2690 දෙදෙනෙකු නිරෝධායනය වෙමින් පවතිනවා.

ඊට අමතරව පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙක් එතුමාගේ පවුලේ අයවළුන් 23 දෙනෙකු අපි වැලිසර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබෙනවා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට ඔවුන්ගේ එළවළු තොගවලින් කිලෝ ලක්‍ෂ එක හමාරක ප්‍රමාණයක් ලබාදුන්නා. එය ඊයේ සහ අද දිනයන්හිදී කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි අඩු ආදායම්ලාභී පවුල් අතරේ බෙදා දීමට යුද හමුදාව විසින් ක්‍රියාකරනු ලැබුවා.

සම්පූර්ණ වීඩියෝ පටය පහතින් දැක්වේ. affiliate tracking url | Nike sneakers