Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st April 2020 22:25:22 Hours

උසස් අධ්‍යාපනය සඳහා පාකිස්තානය වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 106 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී පවසයි

කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් 19 වෛරසය පිළිබඳ වත්මන් තත්ත්වය පිළිබඳ අද (21) දින සන්ධ්‍යාවේ මාධ්‍යය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් මෙසේ සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය.

යුද්ධ හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් අද (21) දිනයේ 149 දෙනෙකු නිරෝධායන සහ PCR පරික්‍ෂණය සිදු කිරිමෙන් අනතුරුව තම නිවෙස් වෙත පිටත් කරන ලදී.

ඒ අනුව අද (21) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 4348 දෙනෙකු නිරෝධායනය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. දැනට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 1582 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටියි.

ඊයේ දිනයේ සහ අද උදෑසන කොවිඩ්19 වෛරසය ආසාදිත බව තහවුරු වූ කෙසෙල් වත්ත ප්‍රදේශයේ කාන්තාව සමග ලගින් ඇසුරු කළ ඥාතීන් සහ පවුලේ සාමාජිකයන් 242 දෙනෙකු ඊයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගියා. එලෙසම, අද දිනයෙත් එම ප්‍රදේශයේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක පමණ ප්‍රමාණයක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යුද්ධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන 03 ක් වෙත රැගෙන යනු ලැබුවා.

පකිස්තානයේ මේවන විට රැදි සිටින අයවළුන්ගෙන් 106 දෙනෙකු රැගත් UL - 1206 දරණ ගුවන් යානය ලාහෝර් ගුවන්තොටුපලේ සිට අද (21) දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණිමට නියමිතව ඇත. ඉන් 82 දෙදෙනෙකු විවිධ පාඨමාලා සඳහා පකිස්තානය වෙත ගොස් සිටි යුද්ධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සාමාජිකයන් වේ. ඔවුන් පාඨමාලා අවසන්කොට මසකට අධික කාලයක් පාකිස්තානය තුළ රැදී සිට ඇත. මෙම පිරිස අතර සිටි ඉතිරි පුද්ගලයින් 24 දෙනා උසස් අධයාපනය සඳහා පකිස්තානය වෙත ගොස් සිටී සිසු සිසුවියන් වේ. ඒ අනුව පැමිනෙන සියළු දෙනොම නිරෝධානයන ක්‍රියාවලිය සඳහා නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට සියළු කටයුතු සම්පාදනය කර තිබෙනවා.

අද (21) දිනයේදී සොයාගන්නා ලද ආසාදිතයන් දෙනෙකු බොරලැස්ගමුව ප්‍රදේශයෙන් සහ පිළියන්දල ප්‍රදේශයෙන් මොවුන් සමඟ ඇසුරු කළ පවුලේ අයවළුන් සහ අනෙකුත් සියළුම දෙනා සම්බන්ධයෙන් මේවන විට PCR පරික්‍ෂණ කිරිමටත් ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමටත් කටයුතු කර තිබෙනු ඇත. ඒ අනුව විශේෂයෙන්ම බොරලැස්ගමුවේ ආසාදිත පුද්ගලයා ප්‍රතිකාර ගනු ලැබු පෞද්ගලික ආරෝග්‍ය ශාලාව වසා දමා ඇති අතර, එම එම පෞද්ගලික ආරෝග්‍ය ශාලාවේ හෙද කාර්ය මණ්ඩලය PCR පරික්‍ෂණයට භාජනය කරනු ලැබුවා.

එසේම, පිළියන්දල ප්‍රදේශයේ සොයාගන්නා ලද පුද්ගලයාගේ පවුලේ අයවළුන් සහ ලගින් ඇසුරු කළ සියළු දෙනාම අද (21) දින නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට කටයුතු කරන ලදී.

ඉහත මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝ පටය පහතින් දැක්වේ. latest jordan Sneakers | Ανδρικά Nike