Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st April 2020 17:00:01 Hours

පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් නිරෝධානය වූ තවත් 149 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 146 දෙනෙකු සහ නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 03 ඇතුළු 149 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අඟහරුවාදා (21) දින අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

එමෙන්ම කොළඹ, කොට්ටාව, අකුරණ සහ මහියංගනය යන ප්‍රදේශයන්හී ගමනාන්තයන්හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයන් එම පිරිස අතර සිටි කුඩා දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් එම පිරිස් වෙත එම ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි.

නිරෝධායන කාලසීමාව සාර්ථකව නිම කිරීමෙන් පසු පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හි අණදෙන නිලධාරී ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක්ද එම අවස්ථාව වෙනුවෙන් එක්ව සිටියහ. best Running shoes brand | adidas Campus 80s South Park Towelie - GZ9177