Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2020 23:15:28 Hours

නිසි ප්‍රථිපලදායි පශ්චාත් කොවිඩ් - 19 සමයක් සදහා මනා උපක්‍රමික ක්‍රමෝපායන් සාකච්ජා කෙරේ

උදාවූ සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් පසු රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රථම කමිටු රැස්වීම ඉකුත් (17) දින පැවැත්විනි.

මෙම මාධ්‍ය හමුව සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගී වූහ.

විද්‍යාත්මක හා ප්‍රායෝගික පදනමක් මත සිවිල් ජීවිතය සාමාන්‍යකරණය කිරීම සහ තත්ත්වය පිළිබඳ නිශ්චිත ක්ෂේත්‍රයන්හි අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයන්ගේ විද්‍යාත්මක යාවත්කාලීනයන් ලබා ගැනීම, උපායමාර්ගයික අනාගත ක්‍රියාමාර්ග පිළිබඳ පුරෝකථනය සහ ක්‍රියාවට නැගිය යුතු නව ප්‍රවේශයන් පිළිබඳ පශ්චාත් කොවිඩ් - 19 සඳහා උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා එම සාකච්ඡාවන් බොහෝ දුරට කේන්ද්‍රගත විය. එමෙන්ම කොවිඩ් - 19 තවදුරටත් පැතිරීම, සම්ප්‍රේෂණය වලක්වාගත හැකි ක්‍රමෝපායන් පිළිබදව කතිකා කරනු ලැබිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්ගේ විද්‍යාලයේ (සීසීපීඑස්එල්) වෛද්‍ය විශේෂඥයන් වසංගතයේ සියලු අංශ ආවරණය වන පරිදි සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කළ අතර, සමාජය හා ආර්ථික කටයුතු එකතැන පල්වීම සඳහා වර්තමාන ධනාත්මක වර්ධනයන් උපයෝගී කර ගත හැකි ආකාරයද මේහිදි පැහැදිලි කරනු ලැබිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නියෝජිතයින් ද මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කළ අතර නිරෝධායන මධ්‍යස්ථාන හරහා සිදුකරන PCR පරීක්ෂණ කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේ එය වඩාත් ඵලදායිසහ හා ඔප්පු කළ හැකි තාක්‍ෂණයකින් සමන්විත වන බැවිනි.

නිතිඥ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහන මහතා සිය සාකච්ඡාවේදී පවත්නා වසංගතය හා ඒ වටා බැදි ක්‍රියාකාරකම් නෛතික අංශ සහ සමාජයේ තවදුරටත් දියුණුව සඳහා නීතිමය ඇඟවුම් ලෙස අනුගමනය කළ යුතු කරුණු පිළිබද සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක්ද මෙහිදි සිදු කරන ලදී.

ඇඳිරි නීතිය සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ඇඳිරි නීතිය කඩ කරන ලද පුද්ගලයින් සහ වාහන සම්බන්ධයෙන් ඇති නෛතිකමය තත්ත්වයද ඔහු වැඩිදුරටත් අවධාරනය කළේය.

මෙම සාකච්ඡාවේ ප්‍රතිපලයක් මත ජනාධිපති මහලේකම් කාර්යාලයේ පැවැත්වෙන කාර්යය සාධක බලකා රැස්වීම් වලදී අවසාන වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා කිරීම වෙනුවෙන් තවදුරටත් එම කරුණු සලකා බලනු ඇති බව මෙම රුස්වීමේ මුලසුන මගින් ප්‍රකාශ විනි. Nike sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp