Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2020 23:11:08 Hours

අත්‍යවශ්‍ය සේවා සඳහා හැර, කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු නොවන ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී පවසයි

අද (19) සවස මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝ පටයක් මගින් කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙසේ පැවසීය.

යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානී Brandix නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 63 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (19) දින ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යවන ලදී.

මේ අනුව අද (19) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 4143 දෙනෙකු තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. මෙයට අමතරව අද දින දක්වා නිරෝධායන මධ්‍යස්ථාන 19 ක පුද්ගලයින් 1563 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක් වෙමින් සිටියි.

අද දිනයේ පමණක් ආසාදිතයින් 15 දෙනෙකු සොයාගනු ලැබූවා. මෙම පිරිස මීට ඉහතදී කොටහේන ප්‍ර‍දේශයේදී සොයාගන්නා ලද ආසාදිත තත්ත්වයට පත්වුණු කාන්තාවගේ එකම පවුලේ සාමාජිකයන් සහ ඔවුන් ඇසුරු කරන ලද ආශ්‍රීත ඥාතීන් බවටද තොරතුරු අනාවරණය කර ගනු ලැබුවා.

රජය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය අනුව නම් කරන ලද දිස්ත්‍රික්ක හැරුණු කොට අනෙකුත් දිස්ත්‍රික්ක වල හෙට (20) දිනයේ උදෑසන 0500 සිට රාත්‍රි 0800 දක්වා ඇදිරි නීතීය ඉවත් කරනු ලබනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය තවත් දින දෙකක් පවතිනු ඇති බැවින් අත්‍යවශ්‍ය වැදගත් සේවාවන් හැරෙන්නට කොළඹට නොපැමිණෙන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ඇඳිරි නීතිය සහ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ පෙර මාර්ගෝපදේශ තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇත.

ඉහත ප්‍රකාශයේ සම්පූර්ණ වීඩියෝ පටය පහතින් දැක්වේ; trace affiliate link | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite