Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2020 14:39:40 Hours

ව්‍යාපාරිකයින් පවතින වසංගත තත්ත්වය මැඩලීම වෙනුවෙන් ආධාර උපකාර කරයි

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමු වී සෞඛ්‍ය උපාංග තොගයක් පරිත්‍යාග කළහ.

පරිත්‍යාග කළ භාණ්ඩ තොගය අතර විවිධ නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින්ගේ නිරෝධායන කටයුතු සිදු කිරිමේදී කාර්යය මණ්ඩලයට භාවිතා කිරිම සඳහා සහ රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා සන්නද්ධ හමුදා සහ සෞඛ්‍ය නිලධාරීන්ට භාවිතා කළ හැකි ආරක්‍ෂක උපකරණ කට්ටල 200 ක් සහ මුහුණු ආවරණ 200 ක් අඩංගු විය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති කාර් යාලය වෙත ශ්‍රී ලංකා විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා සහ එම සංගමයේ ලේකම් පී. සේකර යන මහත්වරුන් පැමිණ සිටියහ.

මෙම අවස්ථාවට හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සහ ‘දිවයින’ පුවත් පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා විසින් සම්බන්ධීකරණය කරන ලදී.

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම පරිත්‍යාගය පිළිගත් අතර, ඔවුන්ගේ කාරුණික බවට සහ සැලකිලිමත්කම පිළිබඳව එතුමන් පරිත්‍යාගශීලීන්ට කෘතඥතාවය පළ කළේය. Sneakers Store | 『アディダス』に分類された記事一覧