Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2020 21:22:27 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මුලතිව්, කිලිනොච්චි සහ යාපනය ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට අලුත් අවුරුදු සුභපැතුම් එක් කරයි

“අපගේ ඉතිහාසයේ මෙම තීරණාත්මක අවධියේදී මුළු ලෝකයම මෙම වසංගතයෙන් තර්ජනයට ලක්ව සිටින විට ඔබ කළ කැපවීම හා මිල කළ නොහැකි සේවය, අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍ය, ආරක්ෂක ලේකම් සහ සියලු ශ්‍රී ලාංකිකයන් විසින් බෙහෙවින් අගය කරනු ලැබේ. කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ද මා සන්නද්ධ හමුදාවේ සේනාධිනායකයා ලෙස පත් කළ අතිගරු ජනාධිපතිතුමන් මෙම අභියෝගාත්මක කාර්යය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට භාර දුන්නේය. ජාතියේ පැවැත්මට තර්ජනයක් එල්ල වූ සෑම අවස්ථාවකම එය ආරක්ෂා කළේය. ‘කළ නොහැක්කක් නොමැත’ යන තේමාව මත පදනම්ව අපි, අපගේ කාර්යභාරය හොඳින් ඉටු කරමින් සිටිමු. අපේ රට සුරක්ෂිතව තබා ගැනීමේදී අප සැමට වගකිවයුතු කාර්යභාරයක් පැවරේ. අපගේ ජීවිත දැන් වෙනස් වී ඇති අතර, මේ අලුත් අවුරුදු සමයේදී අපට අපගේ සමීපතමයන් හා ආදරණීයයන් සමඟ එක්විය නොහැකි වුවද, අප හොඳින් කටයුතු කර අනෙක් සියලුදෙනාට නිරෝගීව සිටීමට ඉඩදීමෙන් රටේ ආඩම්බර පුරවැසියෙකු විය හැකිය. ජාතිය සුවපත් කිරීම සඳහා, ඔබ නිරෝගීව සිටීම අත්‍යාවශ්‍ය වන අතර එබැවින් දැඩි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොවිඩ් -19 වෛරසය සම්ප්‍රේෂණය වීමට එරෙහිව සියලු ආරක්ෂක පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.” යනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති මෙන්ම කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉරිදා (12) දින උතුරේ සිදුකල නිල සංචාරයක් අතරතුර මුලතිව්, කිලිනොච්චි සහ යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් අමතමින් පැවසීය.  

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උතුරේ සිදුකළ සංචාරය අතරතුර, සෙනසුරාදා (11) දින ප්‍රථමයෙන්, කොවිඩ් -19 වෛරසය ආසාදනය වු පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙක් පැමිණ මේ වනවිට හුදකලා කර පුද්ගලයින් 4000 කට අධික පිරිසක් නිරෝධායනය කර ඇත තාරාවිකුලම් ගම්මානය පිහිටි 54 වන සේනාංක බලප්‍රදේශය සංචාරය කර එම සේනාංකය යටතේ මන්නාරම ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් අමතනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන්, මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර මාර්ග බාධක, මූලස්ථාන, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය ගණනක් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනීමින් අලුත් අවුරුදු සුභපැතුම් ද බෙදාහදා ගත්තේය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනොච්චි සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ සේවයේ නියුතු භටපිරිස් ඇමතීමට ප්‍රථම මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරත විය.  

යුද්ධ හමුදාධිපතිතුමන් සිය සංචාරයේ දී සියලුම භටපිරිස් අමතමින්, උතුරු පළාතේ ඒ 9 මාර්ගය සහ වෙනත් මාර්ගයන්හි මාර්ග බාධකවල රාජකාරි කරන භට පිරිස් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය. ආරක්ෂක සේනා මූලස්ථානය, සේනාංක, බලසේනා සහ අනෙකුත් ස්ථානයන්හි සේවයේ නියුතු භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් එළඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරමින් ඔවුන් කළ කැපවීම බෙහෙවින් අගය කළේය.  

“මෙවර අපට අලුත් අවුරුද්ද සැමරීමට නොහැකි වුවද, මෙම තීරණාත්මක මොහොතේ ඔබගේ තීරණාත්මක ජාතික මෙහෙවර මිල කළ නොහැකි බවත්, අපේ සමාජයේ සියලුම කොටස් සඳහා අත්‍යවශ්‍යයෙන්ම තීරණාත්මක බවත් මතක තබා ගන්න. මෙම කොවිඩ් -19 වසංගතයේ ආරම්භය ගැන මම ඔබට මතක් කර දෙන්නේ නම්, නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඉතාලිය, ඉරාකය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. නමුත් අද වනවිට අපි නිරෝධායන මධ්‍යස්ථාන 50 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර ඒවායින් කිහිපයක් නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසිනි පවත්වාගෙන යනු ලබයි. මෙම තීරණාත්මක මොහොතේ ඔබ සැවොම වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා අපි ඉතා කෙටි කාලයක් තුළ මෙම අරමුණු සාක්ෂාත් කර ගෙන ඇත්තෙමු. කෙසේ වෙතත්, මෙම වසංගතය මේ වනවිට රටවල් සිය ගණනකට තර්ජනයක් වී ඇත. එබැවින් මේ සම්බන්ධයෙන් ඔබගේ සේවය විශේෂයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, අනෙකුත් පාබල රෙජිමේන්තු, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා යුදධ හමුදා සේවා බලකාය ඇතුළු අනෙකුත් සියලුම රෙජිමේන්තුවල සේවය කෘතඥ පූර්වකව අගය කළ යුතුය. අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව සිය කාර්යයන් ප්‍රශංසනීය අයුරින් ඉටු කරයි. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍ය, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය, රජය සහ මාධ්‍ය විසින් ලබාදෙන සහයෝගය විශිෂ්ට වන අතර ජාතිය බේරාගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය මේ වනවිටත් ඉටු කරමින් පවතී. ඒ නිසා මම අපේ රට වෙනුවෙන් ඒ හැමෝටම ස්තූති කරන්න කැමතියි. පළමු කොවිඩ්- 19 වෛරසය ගොදුරු වුවන් හදුනාගැනිම පසු අපි පස්වන සතිය පසුකරමින් සිටින අතර, ඒ සඳහා අප ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අපට තවමත් සෑහීමකට පත්විය හැකිය” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

මුලතිව්, කිලිනොච්චි සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයන්හි සිදු කළ සංචාරයට අමතරව, 64 වන සේනාංකය, 52 වන සේනාංකය, 574 බලසේනාව සහ 552 බලසේනා මුලස්ථානයන්හි ද සංචාරය කළ යුද්ධ හමුදාධිපතිතුමන් එම මුලස්ථානයෙන්හි සේවයේ නියුතු භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කළ අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිය සුබ පැතුම් පිරිනමන ලෙස ඉල්ලා සිටියේය.  

එමෙන්ම, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උතුරු නාවික මුලස්ථානයේ සහ පලාලි ගුවන් හමුදා කඳවුරේ සියලුම නිලයන් හමුවීමට අමතක නොකළේය. එහිදී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තුමන් පාලාලි ගුවන් හමුදා කඳවුරේ ද සංචාරයක නිරත වෙමින් එහි සේවයේ නියුතු භටපිරිස් සමග ද සුහදව අදහස් හුවමාර කරගත්හ. ඉන් අනතුරුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිතුමන් ‘උත්තර’ නාවික නෞකාවේ සිටි භටයන් මුණගැසී, අලුත් අවුරුද්ද උදාවීමත් සමඟ ඔවුන් ඇමතූ අතර පසුව අභිනවයෙන් ඉදිකරන ලද කුළුණ නැරඹීමට ගියේය. එම ස්ථානයට පැමිණි නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ප්‍රාදේශීය අණදෙන නිලධාරී රියර් අද්මිරාල් එස්.එම්.ඩී.කේ සමරවිර විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් උතුරේ සිදුකළ සංචාරය සදහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ඇතුළු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් රැසක් එක්ව සිටියහ. short url link | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ