Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2020 00:28:17 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් හුදකලා වූ තාරවිකුලම් ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සිය අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරමින් ඔවුන් දිරිගන්වයි

කොවිඩ් - 19 වසංගතය පැතිරීමට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය අංශයේ විශේෂඥයින් සහ නිලධාරීන් සමඟ ඉකුත් සෙනසුරාදා (11) දින මන්නාරම බලා පිටත්ව ගිය අතර එහිදි හුදෙකලා වූ තාරවිකුලම් ගම්මානය සහ එහි රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය ගණනක් වෙත නව වසර වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනමමින් ඔවුන් මෙම සිදු කරනු ලබන ජාතික මෙහෙවරට කෘතඥතාවය ඵල කළේය.

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලුතිනන් ජෙනරාල් සිල්වා සිය සංචාරයේ දී තක්සේරු කර ඇති අතර ඒ අනුව පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරවීමත් සමඟම එම පුද්ගලයා තාරාවීකුලම් ගම්මානයේ අවමංගල උත්සවයකට සහභාගී වී එම ගම්මානයේ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඇසුරු කර නිවාස කිහිපයකටත් ගොස් ඇති බැව් පරික්‍ෂණවලින් අනාවරණය වීමත් සමග එම ගම්මානයේ පවුල් 900 කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් 4600 කට අධික ප්‍රමාණයක් ජිවත් වන හෙයින් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ප්‍රායෝගක නොවන බැවින් මන්නාරම ප්‍රදේශයේ තාරාවීකුලම් ග්‍රාමය හුදකලා ගම්මානයක් බවට පත් කරන ලදී. මෙම හුදෙකලා ගම්මානයට ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම මෙන්ම මන්නාරම් නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල ප්‍රමානවත් ආහාර තොග තිබේද යන්න පිළිබඳව එහිදි එතුමන් වැඩි අවධානයක් යොමු විය.

54 වන සේනාංක මූලස්ථානයේ දී, සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ අවශ්‍ය සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම පිළිබඳ එහිදි භට පිරිස් අමතමින් පැහැදිලිකිරිමක් සිදු කළ ලුතිනන් ජෙනරාල් සිල්වා රජය වෙනුවෙන් භට පිරිස් වෙත සිය කෘතඥතාව පල කර සිටියේය. තවද අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම ආරක්‍ෂක ලේකම් තුමාගේ අලුත් අවුරුදු සුභපැතුම් ද ඔවුන් නියෝජනය කරමින් භට පිරිස් වෙත පිරි නැමු යුද්ධ හමුදාධිපතිතුමා වැඩි දුරටත් ඔවුන් අමතමින් සඳහන් කර සිටියේ අලුත් අවුරුද්ද උදාවන මේ මොහොතේ අපගේ සමාජයේ මෙම තීරණාත්මක අවස්ථාවේ දිවා රෑ නොබලා වෙහෙස මහන්සිවී තම මව්බිම වෙනුවෙන් ඉටු කරනු ලබන සුවිශේෂී කාර්යභාරයන් තමන් ඉතා අගය කොට සලකන බවයි.  

ලුතිනන් ජෙනරාල් සිල්වා මන්නාරමේ නැවතී සිටි කාලය තුළ විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ද අමතනු ලැබීය. සිය සංචාර නිමාවී ආපසු යන අතරමගදී එතුමන් මාර්ග බාධක කිහිපයක විරාමයක් තබා රාජකාරියේ යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයන් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් ඔවුන්ගේ අදහස් විමසා සිටි අතර එහිදි ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බලමින් අලුත් අවුරුදු සුබ පැතුම් එක් කළේය.

“මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී ඔබ කළ කැපවීම සහ මිල කළ නොහැකි සේවය ගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරක්‍ෂක ලේකම් මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයන් විසින් අගය කරනු ලබනවා. මේ අවස්ථාවේ දී මුළු ලෝකයම මෙම වසංගතයට ගොදුරු වී තර්ජනයට ලක්ව ඇති මොහොතක ඇතැම් විටක නිදි වර්ජිතව පවා ඔබ සිදු කරන සුවිශේෂි කැපවීම ජාතික අරමුණකට දායක වන අතර, ජාතියේ පැවැත්මට තර්ජනයක් එල්ල වූ සෑම අවස්ථාවකම ඔබ එය ආරක්ෂා කළ ආකාරය ද ඒ හා සමාන වේ. කෙසේ වෙතත්, දැන් රටවල් සිය ගණනකට තර්ජනය කරන මෙම වසංගතය ‘සතුරා’ අදෘශ්‍යමාන වන අතර එහි ගමන් මාර්ගය අනපේක්ෂිතය. එබැවින් සෞඛ්‍ය උපදෙස් හා ක්‍රියා පටිපාටි දැඩි ලෙස අනුගමනය කළ යුතු අතර ඒවා සරල හා ප්‍රායෝගික ද වේ.” යනුවෙන් භට පිරිස් සමඟ කළ සාකච්ඡාක් අතරතුර යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

“ජාතිය සුවපත් කිරීම සඳහා, ඔබ නිරෝගීව සිටීම අවශ්‍ය වන අතර එබැවින් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔබ සියලු දෙනා අතර කොවිඩ් - 19 වෛරසය සම්ප්‍රේෂණය කිරීමට එරෙහිව සියලු පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍යය පිළිබඳ පණිවුඩය ඔබේ පවුලේ සාමාජිකයින්ට ද ඒත්තු ගැන්වෙන අයුරින් ගෙනයාමේ වැදගත්කම අවධාරණය කරමි. විශේෂයෙන් එළඹෙන අලුත් අවුරුද්දෙන් පසුව දෙමාපියන්, ඥාතීන් සහ අමුත්තන් එක්වී. මේ ආකාරයෙන් ආදර්ශයක් වීමට අපි අධිෂ්ඨාන කර ගනිමු. ඔබේ පවුලේ සාමාජිකයින්ටද එය අනුගමනය කර නිරෝගීව සිටීමට ඉඩ හැරිය යුතුය. සුපුරුදු පරිදි අපගේ සමීපතමයන් හා ආදරණීයයන් සමඟ එය සැමරීමට අපට නොහැකි වුවද, මේ මොහොතේ ඔබ සැම දෙනාටම මගේ සුබ පැතුම් ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමැත්තෙමි. මෙම තීරණාත්මක මොහොතේ ඔබගේ තීරණාත්මක ජාතික කාර්යභාරය අපගේ සමාජයේ සියලු කොටස් සඳහා මිල කළ නොහැකි හා තීරණාත්මක බව මතක තබා ගන්න, ” යනුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මන්නාරම ප්‍රදේශයේ නියැලුණ මෙම සංචාරය සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි, 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුභාශන වැලිකල ඇතුළු බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. Asics shoes | balerínky