Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2020 18:30:33 Hours

ගම්පහ රෝහලේ පවතින හිඟ රුධිර සංචිතයන් පිරිවීමට බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සහය වෙයි

කොවිඩ් - 19 වෛරසය පැතිරීමත් සමග හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 141 වන බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරීන් 4 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 69 දෙනෙකු ඉකුත් ඉරිදා (05) දින ගම්පහ රෝහලේ රුධිර බැංකුව වෙත සිය රුධිරය පරිත්‍යාග කළහ.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ විවිධ වර්ගයේ රුධිර කාණ්ඩ, රුධිර පට්ටිකා සහ නැවුම් රුධිර සංචිත සඳහා වන හදිසි අවශ්‍යතාවයන් සපුරාලීමේ පියවරක් වශයෙන් මෙම රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන දියත් කරන ලදී. Best Sneakers | New Releases Nike