Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2020 19:02:33 Hours

මුලතිව් ගොවීන් සඳහා ජංගම එළවළු විකිණීමේ ව්‍යාපෘතියක් යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ආරම්භ කරයි

මුලතිව් ප්‍රදේශයේ ගොවීන් විසින් 64 වන සේනාංකයේ සේනාංකාධිපති ගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව නන්දිකඩාල් ප්‍රදේශයේ එළවළු ගොවීන්ට එම ප්‍රදේශයේ ජංගම රථමගින් තම එලවළු අස්වැන්න අලෙවි කිරීමට අවසර ලබාදී තිබිණි.

කොවිඩ් - 19 වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා මෙරට තුළ පනවා ඇති ඇඳිරි නීතිය තත්ත්ව හේතුවෙන් ගොවින්ට ඇදිරි නීතිය ඉවත් කරන පැය ගණනක කාල සීමාව තුළ ඔවුන්ගේ අස්වැන්න අළෙවිකිරීමට නොහැකිව විවිධ දුෂ්කරතාවයන් පැනනැගි ඇති බැවින් ජංගම එළවළු අලෙවී කිරිමේ වැඩසටහනක් සඳහා ප්‍රාදේශීය සභාවේ සහ පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව අවශ්‍ය පහසුකම් සපයා තිබිණි.

642 වන බලසේනාවේ සහ 17 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ද සහාය ඇතිව ඔඩ්ඩුසුඩාන් ග්‍රාම නිලධාරි, පොලීසිය සහ ප්‍රදේශයේ අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් විසින් එළවළු ගොවීන්ට එම පහසුකම් සැලසීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (5) දින සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක සහ ප්‍රාදේශීය ලේකම්තුමන් සහභාගී වූහ. ඉදිරි දින කිහිපය තුළ 59 සහ 68 වන සේනාංකයන්හී ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කිරීමට නියමිතව ඇත. best Running shoes brand | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1