Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2020 19:58:43 Hours

යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් බෞද්ධ විහාරස්ථානයන්ට වියලි ආහාර සලාක බෙදාදෙයි

කොවිඩ් - 19 වෛරසය පැතීරීම හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන කිහිපයක විවිධ දුෂ්කරතා මධ්‍යයේ විහාරස්ථානවල වැඩවාසය කරන භික්‍ෂූන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා වියළි ආහාර සලාක සහ නැවුම් ආහාර සලාක තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමය විසින් පරිත්‍යාග කරනු ලැබීය.

යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති මෙන්ම බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත බෞද්ධ විහාරස්ථාන 16 කට වියළි සලාක හා නැවුම් සලාක බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර එහි සමාරම්භක උත්සවය ඉකුත් සදුදා (6) දින රුක්මල්ගම ධර්ම විජයාලෝක විහාරස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවේදී එම විහරස්ථානයේ වත්මන් විහාරාධිපති කෝට්ටේ ප්‍රධාන සංඝනායක ශ්‍රී කල්‍යාණි සමගි සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ වෙත සංකේතාත්මකව ප්‍රථම වියළි සලාක හා නැවුම් සලාක තොගය පූජා කිරිම සිදුවිය.

මෙවැනි සලාක තොග තවත් බෞද්ධ විහාරස්ථාන 15 ක් අතර බෙදාදීමට සැලසුම් කර ඇත. bridge media | nike air force 1 shadow , eBay