Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2020 19:30:33 Hours

කිලිනොච්චි රෝහලේ හිඟවෙමින් පවතින රුධිර සංචිතයන් වෙනුවෙන් 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් රුධිරය පරිත්‍යාග කරයි

කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ රුධිර බැංකුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 574 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (3) දින මාන්කුලම් පිහිටි සිය බලඇණි මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් දියත් කළහ.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්.සිල්වා ගේ අධික්‍ෂණය යටතේ ක්‍රියාත්මක කෙරිණි.

කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන මෙහෙයවනු ලැබු අතර එහිදි නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 64 දෙනෙකු ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ. Running sports | Nike Shoes, Sneakers & Accessories