Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2020 23:59:52 Hours

නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් තම නිවෙස් තුළ සති දෙකක ස්වයං නිරෝධායනයකට භාජනය වෙන ලෙස” කොවිඩ් - 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (05) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වමින් සන්නද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන යාපනය කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයන් තුළින් සති දෙකක නීරෝධායන ක්‍රියාවලියකට ලක් වූ පුද්ගලයින් 279 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (05) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර, අද වනවිට ත්‍රිවිධ හමුදාවන් යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධානය වී පුද්ගලයින් 3169 දෙනෙකු තම නිවස් බලා පිටත්ව ගොස් ඇති බව හා නිරෝධායනය කිරීමෙන් පසු පිටත්ව ගිය සියලු දෙනාට තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයකට භාජනය වන ලෙසත් මෙසේ නිරෝධාන මධ්‍යස්ථානයෙන් පිටව ගොස් දින 14 ක කාලයක් නිවෙස් තුල ස්වයං නිරෝධායන වන ලෙස උපදෙස් දුන් පුද්ගලයෙකුට දින 7 කට පසුව ඊයේ දිනයේ කොවිඩ් - 19 වෛරසය ආසාධනය වී ඇති බව.” ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන්, අකුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි ඉන්දියාවේ සංචාරයක යෙදි මෙරටට පැමිණි කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයා ලගින් ඇසුරු කළ එම ප්‍රදේශයේ පුද්ගලයින් 144 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (05) දින අළුයම අකුරණ නගරයේ සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළා. එමෙන්ම, අටළුවාගම ග්‍රාමය සහ අකුරණ ප්‍රදේශයන් තවදුරටත් හුදකලා ප්‍රදේශයන් බවට පත් කිරිමට සිදු වුනා. පෙරේදා දින පන්නිපිටිය ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයා සමීපව ඇසුරු කළ 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරිමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (3) දින පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කරනු ලැබුවා. පසුගියදා රත්මලාන ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් 34 දෙනෙකු ද, ඇයව මහරගම රෝහල වෙත රැගෙන ගිය රියදුරු මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් 21 දෙනෙකු ඔරුගොඩවත්ත, ප්‍රදේශයෙන් සොයාගත් අතර ඔවුන් 55 දෙනාම අද (5) දින පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කරනු ලැබු බව ද” කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

මීට අමතරව, කරාපිටිය ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයා සමීපව ඇසුරු කළ මතුගම ප්‍රදේශයෙන් 8 දෙනෙකු සහ අකුරැස්ස ප්‍රදේශයෙන් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත මේ වනවිට යොමුකරමින් පවතී. තවද, පිළියන්දල ප්‍රදේශයෙන් සහ අකුරණ ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සමීපව ඇසුරු කළ පිළියන්දල ප්‍රදේශයෙන් පුද්ගලයින් 06 දෙනෙකු ද මහියංගනය ප්‍රදේශයෙන් 17 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත මේ වනවිට යොමුකරමින් සිටිනවා. එමෙන්ම, කරාපිටිය ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයා සමීපව ඇසුරු කළ මතුගම ප්‍රදේශයෙන් 8 දෙනෙකු සහ අකුරැස්ස ප්‍රදේශයෙන් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත මේ වනවිට යොමුකරමින් සිටිනවා. එසේම, නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 217 දෙනෙකු හෙට (06) දිනයේ සිය නිවස් බලා පිටත්ව යාමට නියමිත බව” ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

මහල් නිවාස සංකීර්ණයන්හි ජිවත්වන ජනතාවගේ මානසික මට්ටම උසස් තත්ත්වයක පවත්වාගෙන යාමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ මාර්ගෝපදේශයට අනුව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් තෝරාගත් ප්‍රදේශවල දිවා කාලයේ සංගීත ප්‍රසංගයන් පැවැත්වීමට සංවිධානය කර තිබූ බවද, අද (05) දින දහවල් කාලයේ දී බම්බලපිටිය, හැවුලොක් සිටිහිදි යුද්ධ හමුදා සංගීත කණ්ඩායම විසින් ඔවුන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වූ අතර අද දින සන්ධ්‍යාවේ රාජගිරිය, අයිකොනික් සිටි නිවාස සංකීර්ණයේ සහ තවත් ස්ථාන කිහිපයක සංගීත ප්‍රසංගයන් පැවැත්වීමට නියමිතව ඇති බවද ප්‍රකාශ කරනු ලැබීය. එසේම, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් සංගීත කණ්ඩායම් ජනතාවගේ යහපත උදෙසා මෙවැනි කටයුතු ඉදිරියේදීත් පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදි අවශ්‍ය සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම සංගීත සංදර්ශන නරඹන ලෙස ද එතුමන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නාවික හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත අද (05) දිනයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ මහ රෝහල් පරිශ්‍රය තුළ විෂබීජහරණ ක්‍රියාවලිය සිදු කළේය. ඊයේ (04) දිනයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තය ද මීගමුව මහ රෝහල් පරිශ්‍රය සහ කොළඹ ජාතික රෝහලේ හදවත් රෝගී අංශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජහරණ ක්‍රියාවලිය සිදුකරන ලදී. ඒ් අනුව හෙට දිනයේද නාවික හමුදා සහ ගුවන්පති වරැන්ගේ උපදෙස් මත තවත් ස්ථානයන් රැසක මෙ පරිදිම විෂහරණය කිරිමේ කටයුතු සිදුකිරීමට නියමිත බව” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය. latest Running Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News