Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2020 18:55:35 Hours

මරදාන සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි තවත් පුද්ගලයින් 314 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනයයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (03) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.

"ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන දියතලාව, රන්ටැඹේ, කුන්ඩසාලේ, බෝගොඩ, පෙරියකාඩු සහ තන්තිරිමලේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි භික්‍ෂුන් වහන්සේලා 09 නමක් ඇතුළු පුද්ගලයින් 288 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුත්තෙන් පසු නිරෝධායන සහතික ලබා අද (03) දින තම නිවෙස් වෙත පිටව යනු ලැබුවා. මේ සමඟ, අද වනවිට ත්‍රිවිධ හමුදාවන් යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධානය වී පුද්ගලයින් 2598 දෙනෙකු නිවස් බලා පිටත්ව ගොස් ඇත.” යනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනු ලැබීය.

"එමෙන්ම, මරදාන ප්‍රදේශයේ ඉමාමුල්අරුස් මාවතේ පිහිටි සාමපුර මහල් නිවාස ප්‍රදේශයේ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී මියගිය තුන්වනපුද්ගලයා සමඟ සම්බන්ධ වී ඇති පුද්ගලයින් 314 දෙනෙකු බ්‍රහස්පතින්දා (2) දින සවස යුද්ධ හමුදාව විසින් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලැබුවා. එම පුද්ගලයින්ගෙන් අතරින් 12 දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයින් වන බව ද” යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

"පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වී කලුබෝවිල ශික්‍ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට පුද්ගලයෙකු ඇතුලුවීමෙන් පසු ඔහුට ප්‍රතිකාර කල එම රෝහලේ සිටි වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයට අයත් 24 දෙනෙක් මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට නිරෝධායන කටයුතු සඳහා යොමුකරනු ලැබුවා. නමුත්, ඊයේ දිනයේදී එම පුද්ගලයින් වැඩි පහසුකම් සහිත මීගමුව, වයික්කාල ප්‍රදේශයේ පිහිටි ඩොල්ෆින් හෝටලයේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත මාරුකරනු ලැබුවා. ඒ අනුව, මීගමුව මහා රෝහලේ 25 දෙනෙකුත් සහ කලුබෝවිල ශික්‍ෂණ රෝහලෙන් 24 දෙනෙකුත් වන වෛද්‍යවරුන්, හෙද හා සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අයත් සාමාජිකයින් 49 දෙනෙක් එම හෝටලයේ දින 14 ක නිරෝධානය වෙමින් පවතී. ඒ අනුව, නිරෝධාන මධ්‍යස්ථාන 40 ක පුද්ගලයින් 1741 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටියි. ඒ අනුව, නිරෝධාන මධ්‍යස්ථාන 40 ක පුද්ගලයින් 1741 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටියි. එසේම, හෙට (04) දිනයේ නිරෝධායන මධ්‍යස්ථාන 04 කින් තවත් පුද්ගලයින් 155 දෙනෙකු නිවස් බලා පිටත්ව යාමට නියමිත බවත්” යුද්ධ හමුදාධිපතිතුමන් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය.

"දිවයිනේ සෑම ප්‍රදේශයකම ග්‍රාම නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා අදාළ බැංකු වෙත යාමට සහ නැවත නිවෙස් කරා ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ඊයේ දිනයේ මෙන්ම අද දිනයේදීත් ලබාදුන් බව ද” කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි පැවසීය. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ නියෝජ්‍ය පොලිස්පතිතුමන් ද පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූහ. affiliate tracking url | adidas Yeezy Boost 350