Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2020 15:03:24 Hours

කොවීඩ් - 19 වෛරසය ආසාධිත රෝගීන් නිරෝධානය සඳහා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඇඳන් 50 කින් සමන්විත ගොඩනැගිල්ලක් සැකසේ

ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින සන්ද්‍යාවේ හලාවත, ඉරනවිල ප්‍රදේශයේ පිහිටි රජයට අයත් පෙර වොයිස් ඔෆ් ඇමරිකා (Voice of America) ආයතන ගොඩනැගිල්ල කොවිඩ් - 19 වෛරසය ආසාධිත රෝගීන් සඳහා හුදකලා කර ප්‍රතිකාර කිරීමේ වාට්ටුවක් ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව සහ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ පරික්‍ෂා කරනු ලැබීය.

මෙතෙක් කාලයක් භාවිතයට නොගත් මෙම ගොඩනැගිල්ල තුළ වෛද්‍ය හේතූන් මත හුදකලා කොට නිරෝධායන කටයුතු සිදුකිරිම සඳහා අවශ්‍ය ඇඳන් 50 ක් වෙනුවෙන් ඉඩකඩ ඇති අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ලුතිනන් කර්නල් ආසිරි මුහන්දිරම්ගේ ගේ අධීක්‍ෂණය යටතේ 1 වන ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් විසින් මෙම හදිසි අවශ්‍යතාවයට අනුව අනුගත වෙමින් දින 5 ක් ඇතුළත මෙම ගොඩනැගිල්ලේ වැඩිදියුණු කිරීම් සහ සකස් කිරීමේ කටයුතු නිම කිරීමේ කාර්යභාරය භාරගෙන ඇත.

මෙම පරීක්‍ෂා කිරීම අතරතුරදී, එම ගොඩනැගිල්ල තුළ ඇති සනීපාරක්‍ෂක පහසුකම් මෙන්ම ආහාර පිසීම සඳහා ස්ථානයක් සකස් කරගැනීම ආදිය සම්බන්ධයෙන්ද එම ගොඩනැගිල්ල භාර බළධාරීන් සමගින් සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා සහ පොලිස් නිලධාරින්, පළාත් සභා සහ නගර සභා බලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ. url clone | Men's Footwear