Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2020 18:25:14 Hours

වන්නි භට පිරිස් සම්පත්නුවර, පදවිය සහ පරාක්‍රමපුර නගර විෂබීජහරණය කරති

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවීඩ් - 19 වසංගතයේ තර්ජනය සැලකිල්ලට ගනිමින්, ඇතාවැටුණු වැව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය යටතේ ඇති 14 වන ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් (23) දින පණවා තිබු ඇඳිරි නීති කාළ සීමාව තුළ සම්පත්නුවර සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහය ඇතිව ප්‍රති වෛරස් හා බැක්ටීරියා රසායනික ද්‍රව්‍ය යොදාගනිමින් සම්පත්නුවර මුළු නගරය පුරා විෂබීජහරණය කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබුණි.

මේ අනුව 14 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරී ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සෞඛ්‍ය නිලධාරීන් සමඟ එක්ව දියර ඉසින යන්ත්‍ර 5 ක් යොදාගනිමින් සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවැලි එල් කලාප කාර්යාලය, සම්පත්නුවර රෝහල, බස් නැවතුම්පොළ, ලංකා බැංකු පරිශ්‍රය සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පරිශ්‍රයන් ආවරණය කරමින් විෂබීජ හරනය කිරිමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කර තිබුණි.

මේ අතර, 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් අඟහරුවාදා (24) දින පදවිය මූලික රෝහලේ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ලද සහයෝගය මත ඊට සමගාමී වූ විෂබීජ හරනය කිරිමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාවට නංවා තිබුණි.

17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී, පදවිය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ මහජන සෞඛය පරීක්‍ෂක කාර්යාලය, පදවිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, යුද්ධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, ගල්කුලම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු සාමාජිකයින් 10 දෙනෙකු සහ රෝහල් කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සමඟින් පදවිය සහ පරාක්‍රමපුර නගරවල පිහිටි සියලුම ජනාකීර්ණ ස්ථාන, පදවිය රෝහල, රජයේ බැංකු සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඇතුළු ජනාකීර්ණ ස්ථානයන් විෂබීජහරණය කිරීමට ශ්‍රමදායකත්වය ලබා දී තිබිණි.

දියර ඉසින යන්ත්‍ර 10 ක් යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය සිදුකරන ලදී. Nike footwear | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ