Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2020 13:32:45 Hours

පූනානි, කන්දකාඩු, මීයන්කුලම් සහ දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථානයන් තුළින් නීරෝධානයට ලක්වූ 223 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව යයි

පුනානි (125), කන්දකාඩු (42), මියන්කුලම් (18) සහ දියතලාව (38) ඉරානයේ දෙදෙනෙකු හා කොරියාවේ දෙදෙනෙකු ඇතුළු විදේශිකයන් සිව්දෙනෙකු ඇතුළු 223 දෙනෙකුගෙන් යුත් සති දෙකක නීරෝධායන ක්‍රියාවලියකට භාජනය වූ තෙවන කණ්ඩායම අද (26) පෙරවරුවේ අදාළ වෛද්‍ය ප්‍රතිකාර සහ නිරෝධායන සහතික ලබාගැනිමෙන් පසු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

එමෙන්ම ගාල්ල, මාතර, කොළඹ සහ මහනුවර වැනි ප්‍රධාන ගමනාන්තයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින් එම පිරිස අතර සිටි කුඩා දරුවන් රැගත් දෙමාපියන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයන් එම පිරිස් වෙත ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි.

නිරෝධායන කාල සීමාව සාර්ථකව නිම කිරීමෙන් පසු පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද පැමිණ සිටියහ. Authentic Nike Sneakers | Releases Nike Shoes