Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2020 18:19:14 Hours

නිරෝධායනයට ලක්වූ 144 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම ද මව්පියන් නෑසියන් බලා පිටත් වෙති

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සාර්ථක අන්දමින් නිමාවට පත්කළ පුද්ගලයන් 144 දෙනෙකුගෙන් සමන්විත දෙවන නිරෝධායන කණ්ඩායම ද අදාළ වෛද්‍ය පරීක්‍ෂණයන් වෙනුවෙන් පෙනිසිටිමෙන් අනතුරුව, අද (25) දින පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්වූ අතර ඔවුන්ගේ ගමන් මළු රැගෙන යෑම මෙන්ම ගමනාගමන පහසුකම් සැපයීම සඳහා යුද හමුදා ට්‍රක් රථ සහ බස්රථ යොදවා තිබිණි.

එමෙන්ම ගාල්ල, මාතර, කොළඹ සහ මහනුවර වැනි ප්‍රධාන ගමනාන්තයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිස අතර සිටි කුඩා දරුවන් රැගත් දෙමාපියන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයන් එම පිරිස් වෙත ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි. Asics footwear | Nike Air Max 270