Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2020 09:12:36 Hours

‘කොවීඩ් - 19’ වැළැක්වීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සාකච්ඡාවක නියැළෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි (David Holly) මහතා ඉකුත් සිකුරාදා (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර පැවති මෙම සාකච්ඡාවේදී රට තුළ මෙන්ම ලෝකය පුරා පැතිර ඇති මාරාන්තික ‘කොවිඩ් - 19’ වෛරසය පිළිබඳ වැඩිදුරටත් කරුණු සාකච්ඡා වූ අතර ‘කොඩිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දිවයින පුරා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල ක්‍රියාකාරිත්වය ඇතුළු නිරෝධායන පියවරයන් පිළිබඳව ද මහ කොමසාරිස්වරයා දැනුවත් කරනු ලැබීය.

තවද, යුද්ධ හමුදාව විසින් අඛණ්ඩව සිදුකරනු ලබන වෛරසය වැළැක්වීමේ ක්‍රියාමාර්ගයන්ට පූර්ණ සහයෝගය ලබාදීමට ද මහ කොමසාරිස්වරයා එකඟ විය. මෙම සුහඳ හමුව අවසානයේදී එතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වෙන්කර ඇති සමරු සටහන් පොතේ සමරු සටහනක්ද තැබීය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගෘප් කපිතන් සියන් අන්වින් (Sean Unwin) ද මෙම සුහද හමුව වෙනුවෙන් සහභාගී වී තිබිණි. bridgemedia | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ