Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th February 2020 12:39:43 Hours

සැම්බියන් යුද්ධ හමුදාධිපති යුද්ධ හමුදා මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සැම්බියන් යුද්ධ හමුදාව අතර පවත්නා ද්වීපාර්ශවික සුහදත්වය, සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) ශ්‍රී ලංකාවේ සිදුකරන පස්දින නිල සංචාරය අතරතුර අද (24) දින උදෑසන වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීම සඳහා යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණියේය. එහිදි සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන්ව රතු පලස් මතින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීණි.

අනතුරුව මූලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී කර්නල් ඉන්දික පෙරේරා විසින් සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් චූල අබේනායක විසින් සපැමි‍ණි සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීණි. ඉන් පසුව, සම්මාන ආචාර පෙළපාලියේ අණදෙන නිලධාරී විසින් සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන්ට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමනු ලබන හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා ආරාධනා කරන ලදී. පසුව, හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය විශේෂ පීඨිකාව මත සිටි සැම්බියානු යුද්ධ හමුදා‍ධිපතිතුමන් වෙත පිරිනමනු ලැබීය. මෙම සම්මාන ආචාර පෙළපාලියේ අණදෙන්නා ලෙස කපිතන් කසුන් දිසානායක කටයුතු කළේය.

සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන්, හමුදාපති ලේකම් කාර්යාලය වෙත පිවිසෙන අවස්ථාවේදී වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින්ඉ උණුසුම්න් අයුරින් පිළිගත් අතර ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ සිය ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් සැම්බියානු යුද්ධ හමුදාධිතිතුමන් වෙත හඳුන්වාදෙන ලදී. තරු 3 කින් සමන්විත විදේශ ලුතිනන් ජෙනරාල්වරයකු සිදුකළ සංචාරය සංකේතවත් කරමින් සමූහ ඡායාරූපයක් ද ගනු ලැබුවේ ඉන් අනතුරුවය.

මෙම සුහද හමුව අතරතුරදී, ද්විපාර්ශ්වික සහයෝගීතාව, පුහුණු වැඩසටහන් සහ වෙනත් වැදගත් කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර විශේෂ සමරුතිළිණ හුවමාරුවක් සිදු වූ අතර ඉන් අනතුරුව සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තබන ලදී.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මුලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිය සුබපැතුම් පිරිනැමීය.

සැම්බීයානු දූත පිරිස ඉන්දියාවේ, නවදිල්ලියේ පිහිටි සැම්බියානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් සිමුසන්දු (Brigadier General Simusandu), පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ජී. නැග්ඇන්ඩ්වේ (Brigadier General G Ng’andwe), ප්‍රතිපත්ති හා උපාය මාර්ග නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, කර්නල් ලෙනාඩ් පීටර් ඩකා (Colonel Leonard Peter Daka), සැම්බියා ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යක්‍ෂ, කර්නල් ජෙත්‍රෝ චිපිලි (Colonel Jethrow Chipili), ආරක්‍ෂක විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, කර්නල් ටී. බණ්ඩා (Colonel T Banda), විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එම් ෂප්වායා (Lieutenant Colonel M Shapwaya) සහ හමුදාධිපති අධිසහයක කපිතන් එම්. මුලෙන්ගා (Captain M Mulenga) යන නිලධාරීන් ඇතුලත් වූහ.

මෙම දූත පිරිස ඉකුත් සිකුරාදා (21) දින මධ්‍යහනේ දිවයිනට පැමිණි අතර මෙම සංචාරය අතරතුරදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, ආරක්‍ෂක ලේකම් මෙන්ම, නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට ද නියමිතය.

සැම්බියාවේ භෞමික අඛණ්ඩතාව බාහිර හා අභ්‍යන්තර ආක්‍රමණ වලින් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන සැම්බියානු හමුදාව එරට නිවාස අරක්‍ෂණය මෙන්ම භෞමික අඛණ්ඩතාවය සුරැකීම සම්බන්ධයෙන්ද වැදගත් මෙහෙයක් ඉටුකරනු ලබයි. Adidas footwear | jordan Release Dates