Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th January 2020 19:20:46 Hours

පැය 72 ක් ඇතුළත කිලෝග්‍රෑම් 35 ඉක්මවන ගංජා තොගයක් වන්නි යුද්ධ හමුදා භටයන් විසින් අත්අඩංගුවට ගනියි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 56 වන සේනාංකයේ සහ 561 සහ 563 වන බලසේනාවන් හී මෙන්ම 16 සහ 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දින තුනක් ඇතුලත (ජනවාරි මස 25 සිට 27) දක්වා වු කාලසීමාව තුළ පුත්තූර් හන්දිය සහ ඕමන්තය යන ප්‍රදේශවල ධාවනය වු බස් රථ වල සිදු කළ සෝදිසි මෙහෙයුමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 35.55 ක් සමග සැක කරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් මේ වනවිටත් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා පොලීසිය වෙත භාර දී ඇත.

මහනුවර සිට යාපනය දක්වා දිවෙන ඒ 9 මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ග බාධක රාජකාරීයේ නිරතව සිටි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අහඹු ලෙස සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් සහ පෞද්ගලික බස් රථවලින් මෙම ගංජා තොගය සොයා ගෙන තිබේ.

කොළඹ සිට යාපනය බලා ගමන් කරන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 8 ක් ඉකුත් සෙනසුරාදා (25) දින රාත්‍රී 9.20 ට පමණ පුත්තූර් හන්දියේ මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම සිද්ධියෙන් පැය දෙකහමාරකට පමණ පසු රාත්‍රී 11.40 ට පමණ එම මාර්ග බාධකයේදීම පෞද්ගලික බස් රථයක් තුළ සිදුකළ සෝදිසි කිරීමේදී තවත් ගංජා කිලෝග්‍රෑම් 2.5 ක තොගයක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තවද ඊට සුළු මොහොතකට පසු ඉකුත් ඉරිදා (26) දින අළුයම 00.40 ට පමණ පුත්තූර් හන්දියේදීම තවත් පෞද්ගලික බස් රථයක් තුළ තිබී ගංජා කිලෝග්‍රෑම් 7 ක් සොයා ගැනීමට භට පිරිස් සමත් විය. මීට සමගාමීව, ඉකුත් ඉරිදා (26) දින උදෑසන 7.35 ට පමණ 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටයින් විසින් යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු තවත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් තුළ තිබී ගංජා කිලෝග්‍රෑම් 2.5 ක් සොයා ගත්හ. තවද ඉරිදා (26) දින උදේ 9.40 ට පුත්තූර් හන්දියේදී භටපිරිස් විසින් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී යාපනය - මහනුවර ශ්‍රී ලංකා ගමනා ගමන් මණ්ඩලයේ බස් රථයක් තුළ තිබී ගංජා කිලෝග්‍රෑම් 2.5 ක් සොයා ගත්හ. එදිනම සවස 4.45 ට පමණ පුත්තූර් හන්දියේ භටපිරිස් විසින් යාපනයේ සිට අක්කරයිපත්තු දක්වා ධාවනය වෙමින් තිබු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් තුළ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ගංජා කිලෝග්‍රෑම් 5 ක් සොයා ගන්නා ලදී. තවද ඉකුත් ඉරිදා (26) දින පස්වරු 6.15 ට පමණ භටපිරිස් විසින් යාපනයේ සිට අක්කරෙයිපත්තු බලා ගමන් කරමින් තිබු තවත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් තුළ තිබි ගංජා කිලෝග්‍රෑම් 2.5 ක් නැවත සොයා ගැනීමට හැකිවිය. එමෙන්ම ඉකුත් ඉරිදා (26) දින රාත්‍රී 7.10 ට පමණ භටපිරිස් විසින් යාපනයේ සිට පුත්තූර් මාර්ග බාධකයේදී අක්කරෙයිපත්තු බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් තුළ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී එතුළ සුක්‍ෂම ලෙස සඟවා තිබු තවත් ගංජා ග්‍රෑම් 600 ක් පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, ඕමන්තෙයි මාර්ග බාධකයේ සේවයේ යොදවා සිටි 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භටපිරිසක් විසින් ඉකුත් ඉරිදා (26) දින පෙරවරු 10.55 ට පමණ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී යාපනය සිට කොළඹ බලා ධාවනය වු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සඟවා තිබු කිලෝග්‍රෑම් 4 කට ආසන්න කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම එදිනම (26) දින රාත්‍රී 07.30 ට පමණ එම භට පිරිස් විසින්ම සිදුකරන ලද සොදිසි මෙහෙයුමකදී යාපනයේ සිට වවුනියා බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් තුළ සුක්‍ෂම අයුරින් සඟවා තිබු තවත් කේරළ ගංජා ග්‍රෑම් 950 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබිණි.

එමෙන්ම ඉකුත් සඳුදා (27) දින 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඕමන්තය ප්‍රදේශයේ කඩිනම් මාර්ග බාධකයක් යොදවා සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මහනුවර බලා ධාවනය වු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් තුළ සඟවා තිබු කේරළ ගංජා ග්‍රෑම් 140 ක් පමණ පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම එදිනම (27) පෙරවරු 09.35 ට පමණ එම භටපිරිස් විසින්ම සිදුකරන ලද තවත් සෝදිසි කිරීමකදී පුනරීන් සිට වව්නියාව සඳහා ධාවනය වු පුද්ගලික බස් රථයක් තුළ සඟවා තිබු ගංජා ග්‍රෑම් 661 ක් පමණ අඩංගු පාර්සලයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරුවන් 8 දෙනෙකු වැඩිදුර පරීක්‍ෂණ සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා පුලියන්කුලම් සහ ඕමන්තෙයි පොලිස් ස්ථාන වෙත භාර දෙන ලදී.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා කටයුතු කලයුතු බවට අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබා දී තිබූ උපදෙස් මත වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම උවදුර පිළිබඳව වඩා විමසිලිමත් වී පොලීසියට අවශ්‍ය සහය ලබාදෙන ලෙසට සියළුම යුද්ධ හමුදා භටයින්ට උපදෙස් ලබා දී ඇත. එම උපදෙස් මත කටයුතු කරන ලද ආරක්‍ෂක හමුදා සාමාජිකයින් අදාළ ගංජා තොගය ප්‍රවාහනය කරන ලද කූට ව්‍යාපාරිකයන් ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න මෙන්ම 561 සහ 563 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය මත අදාළ ආරක්‍ෂක අංශ සාමාජිකයින් විසින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබිණි. bridgemedia | Nike Shoes