Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th January 2020 21:49:00 Hours

යාපනයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මරතන්කර්නි සිවිල් වැසියන් හට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් මහාචාර්ය වෛද්‍ය අනුලා විජේසුන්දරගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය උපදේශක කණ්ඩායමක් විසින් ඉකුත් සෙනසුරාදා (25) දින මරතන්කර්නි ග්‍රාමීය රෝහල් පරිශ්‍රයේදී පොදු රෝග සහ වෙනත් රෝග වැළඳීමේ අන්තරායන් පිළිබඳව සිවිල් වැසියන් දැනුවත් කිරීම සහ ඔවුන්ට ඒ පිළිබඳව අනතුරු ඇඟවීමේ පූර්ණ දින ජංගම වෛද්‍ය සායනයක් සහ අධ්‍යාපන උපදේශන ව්‍යාපෘතියක් පවත්වන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහ 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ගේ උපදෙස් පරිදි 55 වන සේනාංකයේ යටතේ ඇති 553 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා සිවිල් වැසියන් හා සිසුන් 200 කට වැඩි පිරිසක් සහභාගි වු අතර ඒ සදහා වෛද්‍ය විජේසුන්දරගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමට වෛද්‍ය නිලධාරීන් සිව්දෙනෙකු සහ හෙදියන් ඇතුළු වෛද්‍ය සහායකයින් දස දෙනෙකු ඇතුළත් විය.

මෙම වැඩසටහන සඳහා 55 වන සේනාංකයේ සහ 553 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි විය.Sportswear Design | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News