Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2020 17:51:44 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන් සමඟ සුහද හමුවක්

ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් බිහිවූ හිටපු හමුදාධිපතිවරුන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇගයුමට ලක් කිරීමේ අරමුණින් ඉකුත් සෙනසුරාදා (18) දින එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඔවුන්ගේ බිරින්දෑවරුන් සමඟින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව සුහද හමුවක් පැවැත්විණි.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරි නිවස්නයේ පැවති මෙම සුහද හමුව සංගීත සන්ධ්‍යාවක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයකින් සමන්විත විය.

හිටපු යුද්ධ හමුදාධිපති මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, හිටපු යුද්ධ හමුදාධිපති මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක ඇතුළු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්, වත්මන් රෙජිමේන්තු අධිපතිතුමන්, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඔවුන්ගේ බිරින්දෑවරුන් සමගින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ යුද්ධ හමුදාවේ සංවර්ධනය උදෙසා දායකත්වය දැක්වූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට දක්වන ගෞරවයක් ලෙස මෙම සුහද හමුව සංවිධානය කරන ලදී.

විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමූහ ඡායාරූපයක් ද ගනූ ලැබීය. best Running shoes | Buy online Sneaker for Men