Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2020 12:59:59 Hours

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් යුද්ධ හමුදාධිපති හමුවෙයි

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් ඉකුත් අඟහරුවාදා (14) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නව ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති කාර්යාලයට සපැමිණි පළමු අවස්ථාවද මෙය වේ. මෙම සුහද හමුවේදී, දෙපාර්ශවයට අදාළ රාජ්‍ය ආරක්‍ෂාව සබැඳි කරුණු රැසක් පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සුහදත්වය හා සහයෝගය තවදුරටත් ශක්තිමත් කරමින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කළේය. affiliate link trace | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf