Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2020 17:37:22 Hours

යුද්ධ හමුදා දිවියෙන් නුදුරේදී විශ්‍රාමගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රමගැනීමට නියමිත යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ගේ සේවය ඇගයුමට ලක් කිරීම සඳහා අද දින (14) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාමයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ ඉදිරි කටයුතු සඳහා සුභපැතුම් එක් කරමින් සමරු තිළිණයක් පිරිනමනු ලැබීය.

මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් දශක තුනකට අධික නිකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ යුද්ධ හමුදාව වෙත කල මෙහෙවර පැසසුමට ලක් කරමින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සුභපැතුම් පිරිනමමින් සිය ස්තූතිය පුද කළේය. මෙම සුහද හමුව අවසානයේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සේවය ඇගයුමට හා ප්‍රසංශාවට ලක් කරමින් සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ සිය යුද්ධ හමුදා දිවිය තුළ සිය රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ අණ හා මාණ්ඩලික තරනතුරු රැසක් හොබවා ඇත. එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ධූරයට පත්වීමට ප්‍රථම ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධීකරණ නිලධාරි මෙන්ම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද සේවය කළහ. Nike footwear | Air Jordan Release Dates 2020