Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th January 2020 21:03:19 Hours

හමුදා ගෞරවාචාර මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී රාජකාරි අරඹයි

ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් නව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (2) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.

ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වෙත සපැමිණි විට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ගෞරවයෙන් පිළිගෙන ත්‍රිවිධ හමුදා සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීමට ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන යන ලදී. එහිදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ පෙළපාලි අණදෙන නිලධාරිතුමන් සමඟ එතුමන් සම්මාන ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව සම්ප්‍රධායානුකූලව එතුමන් වෙත ත්‍රිවිධ හමුදා ආචාරය පිරිනමන ලදී.

මිනිත්තු කිහිපයකට පසු, නව වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් මහා සංඝරත්නයේ ආගමික වතාවත්හී නිරත විය.

උත්සවය සඳහා සහභාගිවුවන් සමඟ එතුමන් විසින් සමුහ ඡායාරූප කිහිපයකටද පෙනි සිටිමන් දිනයේ මතකයට එක්කරන ලදී. අනතුරුව එතුමන් විසින් සංකේතාත්මකව නිල ලේඛණයකට සහ ප්‍රභූ සමරු සටහන් පොතේ ද අත්සන් තබමින් නව කාර්යාලය පිළිගැනීම සංකේතවත් කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ස්වෙච්ඡා බළසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, යුද්ධ හමුදා මුලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩි සිරිනාග, යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් සී.එම්.ඩි.පී චන්ද්‍රසේකර, යුද්ධ හමුදා මුලස්ථානයේ යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් පී.ජේ ගමගේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි විය. Best Authentic Sneakers | youth nike kd low tops orange , Nike Air Max , Iicf