Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2020 10:01:04 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් ගේ සේවය අගයයි

යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනු ලබන යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා එතුමන්ගේ විශ්‍රාම දිවියට එළඹීමට ප්‍රථම අද (3) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මුණගැසුණු අතර එහිදී නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාවට ලක් විය.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එතුමන්ගේ විශිෂ්ඨ සේවය පැසසුමට ලක් කරමින් පුරා දශක තුනකට අධික කාලයක් එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුල අමතක නොවන සංධිස්ථානයන් පිළිබඳ පැසසුමට ලක්කල අතර මෑත කාලයේදී එතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේ යුද සේවා ලේකම් ලෙස කටයුතු කළේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් විශ්‍රාම යන නිලධාරිතුමන් දැක්වු ආදර්ශමත් දායකත්වය පැසසුමට ලක් කරමින් ඔහු සමඟ අදහස් හුවමාරු කරගත්හ. මෙම හමුව අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය අගය කරනු වස් සංකේතාත්මක විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සිය යුද්ධ හමුදා දිවිය තුල දී එතුමන්ගේ රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ අණ හා මාණ්ඩලික පත්වීම් රැසක් හොඹවා ඇත. best shoes | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov