Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2019 16:35:44 Hours

ත්‍රිවිධ හමුදා භටපිරිස් නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්ට හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමයි

නික්ම යන 10 වන ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න වෙත අද (31) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය පිහිටා ඇති ස්ථානයේදී ත්‍රිවිධ හමුදා භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හී උසස්ම නිලය හොබවන අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න වසර දෙකහමාරකට ආසන්න නිකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අද (දෙසැම්බර් 31) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී දූරයෙන් සමුගත්හ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්ගේ නික්ම යෑමේ උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් විශාල පිරිසක් පැමිණ සිටියහ. ත්‍රිවිධ හමුදාවන් නියෝජනය කරමින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්දු සිල්වා විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් පිළිගැනීමෙන් අනතුරුව දිනයේ උත්කර්ෂවත් කෙටි උත්සවය ආරම්භ කරනු ලැබීය. ප්‍රධාන පීඨීකාවේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට පෙරමුණ ගෙන සිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාළියේ ගෞරවාචාරය පුද කළේය.

නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ කාර්යය මණ්ඩලය සමඟ අදහස් කිහිපයක් හුවමාරු කරගනු ලැබූ අතර ඔවුන්ගෙන් ලද සහයෝගය වෙනුවෙන් එතුමන්ගේ ස්තූතිය ද ඔවුන් වෙත පුද කළේය. අනතුරුව, එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව දිනයේ වැඩ කටයුතු නිමා විය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් නික්ම යාමට ප්‍රථම අග්‍රාමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් ද හමුවිය. නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් හට ගෞරව සම්මාන පිරිනැමීම සඳහා ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම යුද්ධ, නාවික සහ ගුවන් හමුදා භටපිරිස් විශාල පිරිසක් පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාව තුල පැවති යුද්ධය උත්සන්න වීමත් සමඟ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවන් හා පොලීසිය විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබූ අතර එම මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන් වර්ෂ 1985 දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය ස්ථාපිත කරනු ලැබීය. වර්ෂ 1999 වන විට පැවති සිවිල් ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාංශය වෙනුවට එම වසරේදී ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපිත කරනු ලැබීය. එහිදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්ගේ රාජකාරි 2009 අංක 35 දරණ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පනත මගින් දීර්ඝ කරන ලදී. Running sport media | Sneakers