Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2019 15:09:18 Hours

දිවයින පුරා වෙරළ තීරය ආවරණය කරමින් වෙරළ පිරිසිදු කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් අරඹයි

දිවයින පුරා මෙතෙක් සිදු වූ විශාලතම වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ලෙස මෙම දැවැන්ත ව්‍යාපෘතිය දිවයින පුරා විසිර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව සාමාන්‍ය ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින් ඉකුත් ඉරිදා (29) දින එහි ප්‍රථම අධියර ලෙස කාක දූපතේ සිට මෝදර දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

යාපනය අර්ධද්වීපයේ දී, යාපනය ආරක්‍ෂක ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 40 ක් සහ සෙසුනිලයින් 1035 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් ඉරිදා (29) දින උදෑසන පන්නෙයි සිට චුන්ඩිකුලම් දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි පිරිසිදු කිරීම් කටයුතු වල නිරත වූ අතර එහිදී වෙරළ තීරය පුරා තිබූ සියළුම අපද්‍රව්‍ය එක්රැස් කරනු ලැබීය. මෙම මෙහෙයුමේදී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෙරළ තීරයේ තිබූ ප්ලාස්ටික් බෝතල් සහ තවත් විෂ සහිත අපද්‍රව්‍ය මළු 100කට වැඩි ප්‍රමාණයක් ඉවත් කරනු ලැබීය.

මෙම දිනයේ ව්‍යාපෘතිය සඳහා 51,52 සහ 55 යන සේනාංකයන්හී සේනාකාධිපතිවරුන්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් මෙන්ම එම ප්‍රදේශයේ සිවිල් වැසියන්, ස්වෙච්ඡාවෙන් සහභාගී වූවන්, රාජ්‍ය නිලධාරින් සහ තරුණ තරුණියන් විශාල පිරිසකගේ දායකත්වය ලබා දුන්හ.

මේ අතර, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය එදිනම (29) උදෑසන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්නගේ සහභාගිත්වයෙන් 59, 68 සහ 64 යන සේනාංක මූලස්ථාන බල ප්‍රදේශයන්හී වෙරළබඩ ප්‍රදේශ ආවරණය කරමින් ආරම්භ කළ අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 700 කට වැඩි ප්‍රමාණයක් සිය දායකත්වය සපයනු ලැබීය.

මුලතිව් ප්‍රදේශයේ කෝකිලායි සහ චලෙයි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේදී ද සිවිල් වැසියන් ඔවුන්ගේ දායකත්වය එම ව්‍යාපෘතිය සඳහා සපයනු ලැබීය. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.පී.ඩබ්ලිව්. පෙරේරා, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සිය දායකත්වය ලබාදුනි.Best Authentic Sneakers | adidas